සුප්පා දේවිය ගැයූ ගීතය 2016 රාජ්‍ය සංගීත සම්මාන උළෙලට නිර්දේශ වෙයි.

tmadawela | 19 Jun, 2016 02:36PM | Leave a comment
නැගීඑන ගායන ශිල්පිනියක වන විශාරද නිලක්ෂි ගුණතිලක විසින් ගැයුණු "තුංමංසලක් හමුවන තුරා අප ආදරෙන් පියමං කළා " ගීතය 2016 රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ වසරේ ප්‍රසස්ථතම ගීත ගායනය (ගැහැණු) සදහා නිර්දේශ වී ඇත. මෙම ගීතයේ පද මාලාව නයනසේන වන්නිනායක ගේය. තනුව නිර්මාණය කලේ නාලක අංජන කුමාර විසිනි.


නිලක්ෂි ගුණතිලක වසර පහක් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු රුප කාව්‍යයේ "සුප්පාදේවි" චරිතයට පනපෙවූදක්ෂ වේදිකා නාට්‍ය ශිල්පිනියකද වෙයි.


ඇය පාසල් කාලේ පටන්ම සමස්ත ලංකා ගීත ගායනා තරගවලින් ජය ලබමින් රංගනයෙන් මෙන්ම ගායනයෙන්ද දස්කම් පෙන්වූ අයෙකි.

ගමපහ ගලහිටිය මැදි විදුහලේත් කොළඹ දෙවි බාලිකා විද්‍යාලයේත් අධ්‍යාපනය හැදෑරු නිලක්ෂි කැළණිය විශ්ව විද්‍යාලයෙන්සිය උපාධිය ලබා ගත්තාය.


පසුකාලයක ලන්ඩන් නුවරට ගිය ඇය ලන්ඩන් නීති විද්‍යාලයේත් කින්ග්ස්ටන් සරසවියේත් අධ්‍යාපනය ප්‍රගුණ කර පස්චාත් උපාධිය දිනා ගත්තාය. සමාජ විද්‍යා කතිකාචාරිනියක් ලෙස රැකියාව කරන ඇය දැනට ජිවත් වන්නේ සීෂෙල්ස් දිවයිනේය.


මෑතකදී ඇය දයාන් විතාරණ,අරුණ ගුණවර්ධන සහ කරුණාරත්න දිවුල්ගනේ වැනි ප්‍රවීණ ශිල්පීන් සමඟ නව නිර්මාණ පටිගත කර ඇත.

ලන්ඩන් නුවරදී විවිධ සමාජ ශුභ සාධක වැඩ සටහන් සඳහා ඇය ස්වේච්චාවෙන් සිය දායකත්වය ලබාදී ඇත. ලන්ඩනයට පැමිණි පණ්ඩිත අමරදේවයන්, විශාරද නන්දා මාලිනි, ආචාර්ය වික්ටර් රත්නායක වැනි අප රටේ ඉන්නා අග්රගන්ය කළා කරුවන් ඉදිරිපත් කල සංදර්ශන බොහෝ ගණනක් ඔපවත් කිරීම සඳහා සහාය ගායනයෙන් සම්බන්ධවී ඇති නිලක්ෂි සිය ගායන කුසලතාවයන් තවදුරටත් ප්‍රවර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන බව පවසයි.