ජිනීවාහි සියළු ආගමික නායකයන් හා ජිනීවා නගරාධිපති තුමා අතර සුහද හමුවක්

tmadawela | 06 May, 2017 01:03PM | Leave a comment
ජිනීවාහි සියළු ආගමික නායකයන් හා ජිනීවා නගරාධිපති Guillaume Barazzone තුමා අතර සුහද හමුවක් සුප්‍රකට ජිනීවා විල ආසන්නයේ අලංකාර උයන මැද පිහිටි එතුමන්ගේ ( Villa la grange )රාජ්‍ය නිලනිවාසයේදී පසු ගිය දා සිදු කෙරිණ.

 

එතුමන්ගේ මෙම ආරාධනය ලැබූ ජිනීවාහි වසන ඕතඩොස්කතෝලික, ක්‍රිස්තියානිප්‍රොතෙස්තාන්යුදෙව්, ඉස්ලාම්, ශුන්නිසුපී නිකායිකයන්, හින්දු හා බෞද්ධ ආගමික නායකයන් මෙම අවස්ථාව නියෝජනය කළහ.

 

මෙම අවස්ථාවේ පිළිගැණීම සිදු කළ නගරාධිපති තුමන් ජිනීවා ජන රජය හා ආගමික සංස්ථා සම්පූර්ණ වශයෙන්ම වෙනස් ආයතන දෙකක් ලෙස අතීතයේ සිට ක්‍රියාත්මක වුවද කතෝලික ක්‍රිස්තියානි රටක් වන ස්ස්විට්සර්ලන්තය රාජ්‍ය පරිපාලනය සඳහා අද ආගමික ආයතනවල ආශිර්වාදය බෙහෙවින් අපේක්ෂාකරණ තත්ත්වයකට අප අද පත්ව ඇතිබව වඩ වඩාත් අවබෝධකරගෙණ ඇතිබව සඳහන් කළේය. ( ඔවුහු කිසි දිනක තම රට බහු ජාතික බහු ආගමික රටක් ලෙස කිසිසේත් නොසළකති. රටව්ල් 178 ක විවිධ ජාතික ජනතාවක් ජිනීවා වල ජීවත්වන අතර ඉහත දැක්වූ විවිධ ආගමික නායකයන් සිය අනුගාමිකයන් සමග මෙහි ජීවත් වෙති. )

 

මෙම අවස්ථාට සියළු බෞද්ධයන් නියෝජනය කරමින්, ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ ආචාර්ය තවලම ධම්මික නාහිමියෝ සහභාගී වූහ.