Army Commander Lieutenant General Mahesh Senanayake was felicitated in London by Ananda College old boys

Admin | 01 Feb, 2018 01:25AM | Leave a comment


Photographers by Sisira Maddumage

Army Commander Lieutenant General Mahesh Senanayake was felicitated in London by Ananda College old boys in the UK. Commander Senanayake was in London on a private visit at the invitation of Sri Lanka Ex-Service Persons Association in the UK. The ceremony was held at the Thistle Hotel in Heathrow and was attended by both Ananda and Nalanda College old boys and well wishers.

" මම ආදී ආනන්දීයකු වීම ගැන ආඩම්බර වෙමි!" හමුදාපති, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක

ආදී ආනන්දීයකු වු හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පසු ගිය සතියේ ලංඩනයට පැමිනියේ පෛෟද්ගලික ආරාධනාවකටය. ඒ පැමිනි අවස්ථාවේ ලංඩනයේ ආදී ආනන්දීය සංගමය විසින් පැවැත්වු සරල උත්සවයට සහභාගි විමට ඔහු අමතක කලේ නැහැ. එංගලන්තයේ ආදී ආනන්දීය සංගමයේ සභාපති භුමින්ද කරුණාතිලක මහතාගේ පුධානත්වයෙන් පැවති මෙම උත්සවයට ආදී ආනන්දීයන් මෙන්ම සහෝදර ආදී නාලන්දීයන්ද සහභාගී වීම විශේෂත්වයක්.

තමා අද මේ තත්වයට පත්වීමට හේතුවුන තම පාසලත්, එවකට විදුහල්පතිව සිටි කර්නල් G.W. රාජපක්ෂ මැතිතුමන් ගේ මගපෙන්විමත් ඉතාමත්ම කෘතගුනව සිහිපත් කල හමුදාපතිතුමා සදහන් කලේ විදුහල්පතිතුමා එදා ඒ දක්ෂතාවයන් හදුනා නොගන්න සහ හමුදාවට බැදිමට උනන්දු නොකරන්නත් අද ඔහු මෙලෙස හමුදාපති ලෙස අප අතර නොසිටින බවයි.

පාසැල් පොලිස් කැඩෙට් අංශයෙන් හමුදාවට බැදි, හමුදාපති වු එකම ආදී ආනන්දීය සිසුවා ඔහු වු අතර ඔහුට එම තැනට එන්න නොමදව උපකාර කල එවකට ඔහු සමග හමුදා සේවයේ සිටි මේජර් ජෙනරාල් ජගත්අල්විස් සහ කර්නල් පුදීප් ජයසුරිය යන අනද පුතුන් දෙපල ඔහු සිහිපත් කලේ කකුලෙන් අදිනවා වෙනුවට ඔවුන් කල කැපවීම් අනද පුතුන්ටම විශේෂිත වු ලක්ෂන ලෙසයි.

තම රට, ජාතිය, ආගම ගැන ඉතාමත් අභිමානයෙන් කතා කල හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා මෙ⁣ම උලෙල සංවිධානය කිරිම ගැන ඉතාමත් කෘතවේදි වු අතර පැමින සිටි සියලුම දෙනා සමග ඉතාමත් සුහදව කතාබහ කර ජායාරෑප වලට පෙනි සිටිමට තරම් නිහතමානි වුහ.

මෙහිදි එතුමා විසින් එංගලන්තයේ ආදී ආනන්දීය සංගමයට සිහිවටනයක් තිලිනයක් ලෙස පුදානය කල අතර ආදී ආනන්දීයන් විසින්ද එතුමාට තිලිනයක් පුදානය කිරිම විශේෂිත විය.

තවද, පලමු නිදහස් උළෙලේ පාසල් කෙඩෙට් අංශයෙන් සාජන් මේජර්වරයා ලෙස පෙලපාලියට අණදුන් තවත් දීප්තිමත් ආදී ආනන්දීයකු සහ හිටපු සභාපතිවරයකු වන මේජර් එන්.ඓල්.සී පෙරේරා මැතිදුන්ටද විශේෂ සිහිවටන තිලිණයක් ආනන්දීයන් වෙනුවෙන් හමුදාපති තුමන් විසින් පිළිගන්වනු ලැබීය. එතුමන් ගැන පුර්විකාව තවත් හිටපු සභාපතිවරයකුවු ලකිල් ලියනගේ විසින් ඉදිරිපත් කල අතර ස්තුති කථාව ලේකම් දිමුත් ජයවීර විසින් සිදු කලහ. දක්ෂිණ බෝධිනායක විසින් මෙහෙයවන ලද උත්සව සභාව අත්තනායක නර්තන පාසලේ ආකර්ෂණීය නර්තනයන්ගෙන්ද චමීර දොන්දූනු ඇතුලු කණ්ඩායමෙ සුමිහිරි සංගීතයෙන්ද. අලංකාර විය.

සටහන- ලුම්බිණි විතාන