Kapu mahaththaya

Chandana Gunasekera | 16 Nov, 2015 10:04PM | Leave a comment
ආදරණීය කපු මහත්තයා......

මල් ආසනයෙ පිදු මල් පරවී වැටුණේ
දෙවිවරු තිරය පිටුපස නිහඬව තැවුණේ
දැල්වූ සුවඳ දුම දුක් ගින්නක එතුනේ
දෙවොලේ පහන කිමදෝ මෙලෙසින් නිවුණේ

අපගේ දුක් සුසුම් දෙවියන් හට කීවා
ලොකු පොඩි කාහටත් එක සිනහව පෑවා
කරුනා ගුණය තබමින් හදවත ගාවා
මනුසත් බවින් පිරිපුන් මිනිසෙකු වූවා

ඔබ නැති පංසලම පාළුවකිනි පිරුනේ
යතිවරු ගිහිපිරිස් දිවි ශෝකෙනි ගෙවුණේ
හැර යන සබඳ ලබනට සැනසුම නිවනේ
මම සුබ පතමි කඳුළක් සඟවන් නයනේ