පැරිස් විහාරයට නව ස්ථුපයක්

tmadawela | 05 Oct, 2014 12:14PM | Leave a comment
ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයන්ගේ සංවිධානයේ ආධාරයෙන් පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ස්ථුපය නිරාවරණය කිරීමේ පිංකම විහාරාධිපති ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය පරවාහැර චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි පසුගියදා විහාරස්ථාන භූමියේදී පැවැත්වින.
මෙම පිංකම සඳහා පැරිසියේ පදිංචි ශ්‍රී ලාංකික මෙන්ම විවිධ ජාතික බෞද්ධ සැදැහැවතුන් බොහෝ පිරිසක් සහභාගී වුහ.
පැරිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ කර වසර 25 ක් ගතවීම නිමිතිකර පැවැත්වූ අනුස්මරණ උත්සවයේ විශේෂ අංගයක් ලෙස පැවති මෙම පුන්යෝත්සවය සඳහා ශ්‍රී ලංකාවෙන් වැඩම කළ පුජ්‍ය වේපතඉර හේමාලෝක හිමි, පුජ්‍ය අතපත්තුකන්දේ ආනන්ද හිමි, පුජ්‍ය මාපලගම බුද්ධසිරි හිමි, පුජ්‍ය රඹුක්වැල්ලේ නන්දාරාම හිමි, පුජ්‍ය වෙලිපිටියේ රත්නසිරි හිමි සහ ප්‍රංශයේ වැඩසිටින පුජ්‍ය කොන්ගස්දෙනියේ ආනන්ද නාහිමි, පැරිස් නුවර ජේතවන විහාරාධිපති ප්‍රංශයේ අධිකරණ සංඝ නායක පුජ්‍ය මුරුන්ගගස්යායේ ඥානිස්සර නාහිමි, පුජ්‍ය මාපලගම ජිනානන්ද හිමි, පුජ්‍ය කෙම්පනේ අනුරුද්ධ හිමි ඇතුලු මහාසංඝරත්නය සහභාගී වුහ.