මහඔය ප්‍රදේශයේ සිසුන්ට උපකාර

tmadawela | 16 Feb, 2017 06:52PM | Leave a comment
අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතා ඇති පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය නොකඩවා පවත්වාගෙන යාම සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවයක් පසුගියදා මහඔය පුරාන විහාරස්ථානයේදී පැවැත්විණි.

මෙම ශිෂ්‍යත්ව පිපිරිනැමෙන්නේ ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත ශ්‍රී ලංකා අධ්‍යාපනික, සංස්කෘතික සහ සුභසාධක පදනම හෙවත් "සේක්සා" සංවිධානය මඟිනි. එදින උත්සවය පැවැත්වුයේ එම අරමුදලේ නිර්මාතෘ ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පුජ්‍ය පරවාහැර චන්දරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙනි.

එම අවස්තාවේදී ශිෂ්‍යත්ව 7 ක් පාසල් සිසුන් සඳහා ප්‍රධානය කෙරුන අතර විශ්ව විද්යාල සිසුන් සඳහාද තවත් ශිෂ්‍යත්ව කිහිපයක් ප්‍රධානය කරන ලද්දේ එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්පුර්ණ වනතෙක් අවශ්‍ය ප්‍රතිපාදන සැපයීමේ පොරොන්දුව සහිතවය. මෙයට අමතරව ආර්ථික අපහසුතා ඇති සිසුන් සඳහා පාසල් උපකරණ, පොත් පත් සහ ඇඳුම් පැළඳුම් ඇතුලත් තෑගී පාර්සල් ද බෙදා දෙනු ලැබීය. මෙම කටයුත්ත සඳහා අනුග්‍රාහකත්වය සපයන ලද්දේ මහනුවර ව්‍යාපාරික පරාක්‍රම විජේමාන්න ඉංජිනේරු වරයා විසිනි.

මෙම ශිෂ්‍යත්ව ප්‍රධාන වැඩසටහන ක්‍රියාවට නැංවීමේදී ශ්‍රී ලංකාවේ සිට පුජ්‍ය බලන්ගොඩ උපශාන්ත හිමියන් සහ නීතා මොරගොඩ මහත්මිය අවශ්‍ය කළමනාකාර කටයුතු සංවිධානය කරනු ලැබීය. මහඔය ප්‍රදේශයේ සිට අවශ්‍ය සියලුම සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලද්දේ පියල් එරන්ද මහතා විසිනි.

මෙයට අමතරව එක පවුලක දරුවන් 5 දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඉන්නා පවුල් සඳහා උපකාර කිරීමේ " පසවි දරුදිරි" අරමුදල යටතේ දරුවන් 6 දෙනෙකු ජාතියට දායාදයකළ පවුලකටද ආධාර සපයනු ලැබීය.