පැරිස් විහාරයේදී අමරදේව වෙනුවෙන් පින්කමක්

tmadawela | 24 Nov, 2016 10:38PM | Leave a comment
දිවංගත ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සිහිපත්කර එතුමන් හට පින් පැමිණවීමේ පින්කමක් ප්‍රංශයේ පැරිස් බෞද්ධ විහාරස්ථානයේදී විහාරාධිපති පුජ්‍ය කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගේ සංවිධායකත්වයෙන් සිදුකරනු ලැබිය. විහාරස්ත දායක සභාවේ සහාය ඇතිව සිදුකල එම පින්කමට ප්‍රංශයේ ප්‍රධාන අධිකරන සංඝ නායක පැරිස් ජේතවන විහාරාධිපති පුජ්‍ය මුරුන්ගස්යායේ ඤානිස්සර නාහිමි, සිතුල් පව්ව රජ මහා විහාරය ඇතුළු අෂ්ඨ මහා විහාරාධිපති පුජ්‍ය මැටරඹ පේමරතන හිමි, වෙල්ලස්ස බින්තැන්න නැගෙනහිර දෙපලාතේ උප ප්‍රධාන සංඝ නායක පුජ්‍ය පුඩුල්ලේ ගුණරතන හිමි, නිට්ටඹුව සාරිපුත්‍ර විහාරාධිපති පුජ්‍ය තොටගම වාචිස්සර හිමි, ඔමාර ශ්‍රී සද්ධානන්ද පරිවේනාධිපති පුජ්‍ය ගලහිටියේ සෝරත හිමි ඇතුළු ගිහි පැවිදි බොහෝ පිරිසක් සහභාගී වුහ. සිතුල් පව්ව නාහිමියෝ පැමිණ සිටි පිරිස පංච ශීලයෙහි පිහිටුවන ලද අතර තොටගම වාචිස්සර හිමියන් විසින් බුද්ධ පුජාව පැවැත්විය.

විශේෂ අනුශාසනාව සිදුකල ඤානිස්සර නාහිමියන් පැවසුවේ ජාතියේම හදවත සසල වූ අවස්තාවක් ලෙස අමරදේවයන්ගේ අභාවය සැලවූ මොහොත සඳහන් කල හැකි බවයි. " කිසිදු වයස් සීමාවකින් තොරව බාල, තරුණ, වැඩිහිටි උගත් නුගත් සියලුම දෙනාට එතුමාගේ මරණය ඔවුනගේ සිත් කම්පා කළ කරුණක් විය.ජීවිතය පිලිබඳ උපදෙස් දෙන ධර්මදේශනා වැනි ගීත මෙන්ම විශාල පරායාශයක් තුල විහිදුනු විවිධ සමාජ තලයන් වෙත ආමන්ත්‍රණය කෙරුණු නානා මාධිලියේ නිර්මාණ සම්භාරයක් එතුමන් දැයට ඉතිරි කර ඇත." යනුවෙන්ද උන්වහන්සේ පැවසුහ.

කොන්ගස්දෙනියේ ආනන්ද හිමියන් සඳහන් කලේ අමරදේව වැනි විශිෂ්ඨ ගනයේ නිර්මාණ කරුවකු බිහිවීම ඉතාම දුර්ලභ අවස්තාවක් බවයි. ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේම බිහිවූ සංගීත වේදීන් අතර අමරදෙවයන්ටද ඉතාම ඉහල තැනක් ලැබෙන බවද උන්වහන්සේ සිහිපත් කළහ.