සුළං කුරැල්ලෝ...... ඒ අසහාය ගායකයා හරැන් ලන්ත්රා දැන් කොහේද ඔහුට කුමක් සිදුවී ඇතිද කියා අපට මොහොතකටවත් සිතුණිද?

Admin | 25 Oct, 2014 01:40PM | Leave a comment
" සුළං කුරැල්ලෝ සෙමින් ඉගිල්ලී
මල් සුවඳකි අර ගෙන එන්නේ
ආදර උයනේ දොරටුව ඇරගෙන
ඔච්චම් කරමින් පියඹන්නේ
සුළං කුරැල්ලෝ සෙමින් ඉගිල්ලී....."

https://www.youtube.com/watch?v=nIKAwx0o5N8

Sumathipala Sumathi‎ video... මෙය අවසානය දක්වාම බලන්න.

දයාබර සොයුරැ සොයුරියනි, හැටේ/ හැත්තෑවේ දශකයේදී සුව හසක් රසික රසිකාවියන් අමන්දානන්දයට පත් කළ මේ ගීතය ඔබත් අසා රස විඳ ඇතුවාට කිසිදු සැකයක් නැත. එමෙන්ම මගෙ නාමලී, හංසරානී ආදරේ... වැනි ගීතත් ඔබගේ හදවතේ ලැගුම් ගෙන ඇති. මේ අමරණීය ගීත ඇතුළු තව ගීත රාශියක් රටට තිළිණ කළ ඒ අසහාය ගායකයා හරැන් ලන්ත්රා දැන් කොහේද ඔහුට කුමක් සිදුවී ඇතිද කියා අපට මොහොතකටවත් සිතුණිද?

මීට දින කිහිපයකට පෙර මුහුණ පොතින් හඳුනාගත් යහළුවකු විසින් එක්තරා වීඩියෝ පටයක් මා වෙත එවා එය අවසානය තෙක් නරඹන ලෙස ඉල්ලා සිටියා. ඔහුගේ ඉල්ලීම අනුවයි මා එය නැරඹීමට පටන් ගත්තේ. ඒ හද කම්පා කරන දසුන් දුටු මට මේ සිදුවී ඇත්තේ කුමක්දැයි අදහාගන්නට නොහැකි වුණා. මගේ හද ගැස්ම මොහොතකට නතරවූ ලෙසයි මට දැනුණේ.සුළං කුරැල්ලෝ, හංසරානි,මගේ නාමලී නම්වූ අමරණීය ගීතයන් ගයමින් රටක් නැළවූ ඔහුමද ඒ?

බොහෝ වයෝවෘර්ධව, හුදෙකලාවී කතාකරගන්නට පවා නොහැකිව ඉතාමත්ම අසරණවූ ඔහු දෙස මා කෙසේ නම් බලන්නද? කොණ්ඩය හා රැවුල වැවී මුහුණ හා ඇඟපත වැහැරී ජරා ජීර්ණ වූ ඇඳකබලක ඔහු වාඩිවී සිටියා. පකිස් පෙට්ටියක් වන් කුඩා කුටියේ දෑස් ගිලී ගිය ඔහු අනන්තය දෙස බලා සිටියේ කිසිම හැඟීමකින් තොරව. වීඩියෝ පටය අවසානයේ ඔහු කැමරාව දෙස බලා පෑ අව්යාජ අවිහිංසක ඒ සිනහව මම කෙසේ නම් අමතක කරන්නද?

මේ අවස්ථාවේ එම වීඩියෝ පටය නිමවා අපව දැනුවත් කළ ඒ උත්තම පුද්ගලයන්ට මගේ හෘදයාංගම ප්රණාමය පුදකරන්නේ හිතේ තෙරපෙන දුක් දෝමනස්සය මොහොතකට සඟවා ගෙනයි.අප කුමක් කරමුද? ජීවිතයේ හැටි ඔහොම තමයි කියා සිත රවටාගෙන නිහඬ වෙමුද? ලෙයින් මසින් හැදී මව් කිරිබී වැඩුණු අපට එසේ කළ හැකිද?

බොහෝ කලා කරැවන්ගේ අවසානය මෙසේ ඛේදනීයව නිමවූ බැව් මම දනිමි. රටක් හිනැස්සූ ෆෙඩී සිල්වා හා රටම ආදරය කළ අසහාය නළු ජෝ අබේවික්රම මහතා ඔවුන්ගෙන් දෙදෙනෙකු පමණි.ඇති හැකි කාලයේ , කීර්තියෙන් ඔවුන් වැජබුණු යුගයේ ඔවුන් සමඟ සිටි සුවහසක් ජන කැල ඔවුන් අසරණවූ කල දකින්නටවත් සිටියාද? මෙවන් කලා කරැවන්ට ඒ ඒ වැඩට පුළුවන් කාලයේ ලැබෙන මුදලට අමතරව හරිහමන් විශ්රාම වැටුපක් ලබා දෙන ක්රමවත් වැඩපිළිවෙළක් ක්රියාත්මක වේදැයි මම නොදනිමි. එසේ වූවානම් හරැන් ලන්ත්රා වැන්නන්ට මේ ඛේදනීය ඉරණම අත්වන්නේ නැත.

මේ සංසාර චක්රයේ සැරිසරන අපගේ ජීවිතවලට ඉදිරියේදී කුමක් සිදුවේදැයි අප කිසිවෙකුත් නොදන්නෙමු. කුමන ලෙඩ දුකක් ඇතිවේද මහ මඟ මිය පරලොව යාද ? කියත නම් හැක්කේ කාටද?එමනිසා දයාබර සොයුරැ සොයුරිය මේ අවස්ථාවේ "අහෝ ජීවිතය " යැයි කියමින් කම්පා වෙමින් නොසිට අපව කලකදී ගීතයෙන් නැළවූ ඒ ගායකයාණන් හරැන ලන්ත්රා මහතාට යම්කිසි පිළිසරණක් වීමට උත්සහා කරමු.

ඒ සඳහා වැඩපිළිවෙළක් කරගෙන යන අතර ඔබගේ ශක්ති ප්රමාණයෙන් එයට දායක වෙතැයි මා හුදෙක්ම බලාපොරොත්තු වෙමි. අප සියල්ල ලබාදෙන පුංචි ආධාර එකතුවූ විට අපට එතුමාට විශාල සහයෝගයක් ලබා දිය හැකි බව මගේ විශ්වාසයයි. කලාවේ නාමයෙන් කරන්නාවූ මේ සත්ක්රියාව අප මිය යන මොහොතේ හෝ අපේ සිතට සහනයක් ගෙන ඒවි.

එතුමාට යම් උපකාරයක් කිරීමට ඔබ සතුටුනම් පහත ගිණුම් අංකයට බැර කරන මෙන් කරැණාවෙන් ඉල්ලා සිටිමි.

Name: G.m.k.n. Godamulla
Bank: people's Bank ,kegalle bazzar , kegalle.
Account Number: 299200118248815

එතෙක් ඔබට ආයුබෝවන්! සැමටම ජය හා සතුට!

 

Chandana Gunasekara - UK