සදාදරණීය අමරදේව, සොඳුරැ ගාන්ධාර්වයාණෙනි ඔබගේ 86 වන උපන් දිනයට බ්‍රිතානයේ ලාංකික රසික රසිකාවියන්ගේ සුබ පැතුම්! දීර්ඝායුෂ ලැබේවා! [old pics]

Chandana Gunasekera | 05 Dec, 2014 10:49AM | Leave a comment
"සතර වරම් දෙව් මහරද සතර දෙසින් අව්දින් පිරිත් පැන් ඉසති ඔබහට පුවක් මල් කිනිතෙන්", අමරදේවයන්ට 86 වන උපන් දිනයට බ්‍රිතානයේ ලාංකික රසික රසිකාවියන්ගේ සුබ පැතුම්!!

( Born on December 05, 1927 Dr W.D.Amaradeva, the legendary music maestro celebrates his 86th Birthday today. Being a close music fan of his ever lasting immortal compositions, I thought I should pen this note of appreciation of his musical brilliancy on this special day. The world renowned veteran musician who has made an inestimable contribution to Sinhala music has achieved the zenith of its glory by his resounding musical virtuosity.  - Dickson Hemantha )

අද උපන්දිනය සමරණ අප සදාදරණීය අමරදේවයනට උපහාර පිනිස..... සොඳුරැ ගාන්ධාර්වයාණෙනි ඔබට සුභ උපන්දිනයක් වේවා! දීර්ඝායුෂ ලැබේවා!!!!

සංගීත අම්බරේ පෑ සුපුන් සඳය ඔබ
අප සවන් පිනා ලූ අමා ගී දහර ඔබ
ගතින් මහළුව ගියද සිතින් තිරිහංය ඔබ
හැමදාම දිලෙනු මැන අපේ ආයුෂත් ලැබ



කොළොම් තොට මහළු නැත අවන්හල එලෙසමයි
හන්තානේ කඳු මතින් හැමු පවන් සිසිලසයි
අඩවන්වු දෙනෙතකින් ගැලු කාන්තිය සුවයි
අපට ඇති සරණ නම් ගී පොතයි මී විතයි

දශක අටකටත් වැඩි ඔබෙ සොඳුරැ දිවි පෙවෙත
මියුරැ කට හඬින් ඔබ සුවකලා බිඳුනු සිත
හොඳින් අස්වැද්දුවා සත් සරින් පුරන් කෙත
සඳා වාසනා ඔබ සනසන්න සියළු සත



Chandana Gunasekara
Old pics by D. B. Suranimala ( archived by L. K. Hettiarachchi )



https://www.youtube.com/watch?v=vH-XnRmVvNk&list=PL69A0A474239E99E4

https://www.youtube.com/watch?v=-GCdlTkOl1Y

https://www.youtube.com/watch?v=y7h1sjf-CDY