ගුණවත් පරපුරක් අස්වද්දන රජරට දිසාපාමොක්

tmadawela | 17 Feb, 2017 05:05AM | Leave a comment
චාන්දනී බණ්ඩාරනායක එක්සත් රාජධානියේ සිට …

ඔහු මේ අස්වද්දන්නේ ඔහුට ඵල නෙලන්නට නොව, මතු යම් දිනයක ඔබටත් මටත් රටටත් වැඩදායීවූ ඵලදායිවූ ගුණ නැණ බෙලෙන් පිරිපුන් පරපුරක් අප මව්බිමට දායාද කරන්නටය.

ඔහු නමින් කුලරත්න රාජපක්ෂ වෙයි. ශ්රී ලංකාවේ අති දුෂ්කර වූ ගම්මානයක ජීවත් වන ඔහු මුහුණු පොත තුළින් ගොඩ නගා ගත් හිත මිතුරු ජාලයක් හා අත්වැල් බැඳගෙන අවට ගම්මාන වල අහිංසක දරු දැරියන්නට ලබාදෙන අසාමාන්ය දිරිගැන්වීම සත්ය වශයෙන්ම අගය කල යුතු වෙයි.

අනුරාධපුරයේ මහවිලච්චිය නම් වූ ඒ දුෂ්කර ගමානයේ ජීවත් වන අසරණ පවුල් වෙනුවෙන් ඔහු කරන කැපවීම අසීමිතය.

මුහුණුපොත තුළින් එක්තැන් කරගත් කිසිකලෙක මුණ නොගැසුන එහෙත් එක් බෝසත් සත් ක්රියාවක් වෙනුවෙන් රොද බැඳුනු හිත මිතුරු පවුලක පරිත්‍යාගයන් සියල්ල ඔහු ඒ අහිංසක දරුවන් වෙනුවෙන් බෙදා දෙයි.

දරිද්ර තාවයෙන් පෙළෙමින් කිසිදු හව් හරනක් නොමැතිව මේ දුෂ්කර ගම්මානයේ ඉපදී දිවි ගෙවන මේ දුවා දරුවන්ගේ අධ්යාපනය මග නොනැවතී ඉදිරියට ගෙන යන්නට ඔහු ගෙනයන මේ ප්රයත්නයට යම් තරමකින් හෝ දායක වන්නට හැකිවීම මා කරගත් මහත් පිනක් ලෙස මම දකිමි.

 

මුහුණුපොත තුළ නොයෙකුත් ව්යාපෘතිය ක්රියාත්මක වන මෙවැනි කාල වකවානුවක ඔහුගේ මේ සත් ක්රියාවන් සියසින් දැක ගැනීමටත් ඒ සදහා ශක්ති ප්රමාණයෙන් දායක් වීමටත් හැකිවීම මහත් පිනකි.

ඔහුගේ මේ වෑයම තුළින් දැනට ව්යාපෘති බොහොමයක් නිමවා ඇති අතර තවත් ව්යාපෘති කිහිපයකටම මූලාරම්භය තබා ඇත. මේ තුලින් ඔහුගේ සත් ක්රියාවන් වටා එක් රැස් වී සිටින අන් සියළු දෙනා මෙන්ම මා උපන් රටට සුළුවෙන් හෝ යමක් දායද කරන්නට මට හැකි වේ යැයි මම විශ්වාස කරමි.

 

හයක් හතරක් නොතේරෙන දරුවන්ගේ සිහින එකින් එක සැබෑ කරන්නට ඔහුගේ මූලිකත්වයෙන් අප මේ දරන ප්රයත්නයට ඔබටත් හැකි පමණින් දායක විය හැකි බව අමතක නොකරන්න. මුහුණුපොතේ "අස්වද්දුම" නම් වූ සමාජ ජාලයට ගොඩවී මේ සත් ක්රියාවන් අගය කිරීමටත් ඊට දායක වීමටත් ඔබට හැක.

මහා පරිමානයෙන් නොවුනද එහෙත් මෙතෙක් ඔහු විසින් මූලිකත්වය දුන් සත් කිරියාවන් අසීමිතය. අවුරුද්දේ වැඩි කොටසක් පානීය ජලය බිදක් නැතිව දුක් විදිය මේ දුෂ්කර ගම්මානවල ජනතාව තම ගොවිතැන් විනාශවීමෙන් නිරන්තරයෙන් දැඩි පීඩනයකට ලක්වෙති. ආර්ථික දුෂ්කරතාවයන් හේතුවෙන් කුසලතාවයන් ඇති දරුවන් අධ්යාපනය නවත්වා පාසල් වලින් ඉවත්වයන එවෑනි වූ දුෂ්කර ගම්මාන සිය දහස් ගනනින් අපරට පුරාම ඇත. ඔහුගේ මේ වෑයම ඒ අහිංසක දුප්පත් මිනිසුන් වෙනුවෙන් යමක් කිරීමටය.

 

කුඩා මිනිසෙකු විසින් අස්වද්දන මේ පින්කෙත යම් දිනෙක අප දේශයම අස්වද්දවනු නොඅනුමානය.

මෙහි විශේෂ ස්තූතිය ප්රියන්ත රත්නායක තරුණ මහතාට හිමිවිය යුතු බවත් අස්වැද්දුම ඔහුගේ සිතුවිල්ලක ප්රතිඵලයක් බවත් මා දැනුවත් කල කුලරත්න ගුරුපියානන්ට ස්තූතිකරමි. ප්රියන්ත මා වෙත දැනුම් දුන් පරිදි අස්වැද්දුමට මුදල් ආධාර තුළින් සහභාගි වීමට වඩා ඔබ විසින්ම ඔබගේ පරිත්යාග ප්රථිලාභීන් වෙත ලබා දෙන්නේනම් එය වඩාත් අගය කොට සළකමි.

 

අස්වැද්දුමට හිමිවන යම් ගෞරවයක් වේනම් එය ප්රියන්තට එක හා සමානව හිමිවිය යුතු බව මා විශ්වාස කරමි. අස්වැද්දුමේ මූලාරම්භය ලෙස තම පුද්ගලික මුදලින් නිවසක් තනා දුගී පවුලක් වෙත පිරිනැමීමෙන් නිර්මාණය වූ ඒදණ්ඪ අද මහා පාලමක් දක්වා ගෙන ඒමට හැකිවීම පිළිබදව මා ප්රියන්ත රත්නායකට ස්තූතිවන්ත වෙමි.

 

අස්වැද්දුමේ දැක්ම අනික් සමාජ සත්කාර වල මෙන් දුප්පත් මිනිස්සුට යමක් දීම නොව. යම් දක්ශතවයන් තියෙන දරුවන් හට නිසිලෙස අධ්‍යාපනය ලැබිය හැකි ක්රමවේදයක් සෑදීමය. මේ ගම්වල ජීවත්වන බොහෝ ළමුන් දරිද්රතාවය නිසා අධ්‍යාපනය කඩාකප්පල් කර හැනීන හෙතුවෙන් ලාබාල වයසින්ම විවාහ වීමට පෙළබෙති.

එවැනි තත්වයත් වලකාලීම මෙම උත්සාහයේ එක අරමුණකි . මේ දරුවන් සාමානය පෙල වත් සමත් වුනොත් එතින් එහා ඔවුනට ජිවිතය හැඩ ගසා ගන්නට යමක් කළ හැකි බව මගේ විශ්වාසයි.

 

බොහෝ ළමුන් පාසල් අධ්යාපනය අවසන් වූ පසූ ඔවුන් වෙනුවෙන් පවතින අවස්තාවන් පිළිබඳව කිසිදු දැනුවත් කිරිමක් සිදු නොවන හෙයින් උසස් අධ්යාපනය ලැබිමට නොහැකි වුනත් එවැනි අවස්ථාතුලින් ජිවිතය ගොඩ නගා ගැනීමට දැනුවත් කිරීම අස්වැද්දුමේ තවත් එක් අරමුණක් වේ. මෙයින් ළමා කාළයේදී අපචාරවලට පෙළබීම වැලැක්වීමත් සමාජය තුළ අවබෝධයෙන් ජීවත් වීම සඳහා මග පෙන්වීමත් තවත් අරමුණක් වේ.

 

අපේ රටේ වැඩ කල හැකි ශ්රම බලකායා බෝක්කු උඩ , පාරවල් ගානේ කාලය කා දමමින් රස්තියාදු ගැසිම වලක්වනවා ගනිමින් ඔවුන්ගේ දායකත්වය ඔවුන්ගෙ පවුල්වල මෙන්ම රටේ සංවර්ධනය සඳහාද දායක කර ගැනීම අරමුණු කොට ගෙන දියත් කල වැවපිළිවෙළක්ද ඇත. මේ ගම්වල ජීවත්වන මව් වරුන්ගෙන් වැඩිදෙනා වැන්දඹුවන් වෙති. සමහරවිට ඔවුන් ජිවත්වන්නේ අනාරක්ෂිත නිවාස වලය. විශෙෂයෙන්ම කුඩා ගැහැණු ලමයි ඉන්නා නිවාස බොහොමයක් නිසි පරිදි ඉදිකළ ඒවා නොවේ. මේ හේතුව නිසා මේ දරුවන් විවිධ අපචාරවලට ගොදුරුවීමේ ප්‍රවනතාවයක්ද දක්නට ලැබෙයි.

 

මෙම අවාසනාවන්ත තත්වය මඟහරවා එම දරුවන්හට පුර්ණ ආරක්ෂාව සහිතව ජීවත්විය හැකි නිවාස ගොඩනැගීම සඳහාද වැඩකටයුතු ආරම්භ කර ඇත. දරිද්රතාවය නිසා විවිධ වැරදි වැඩවලට යොමුවිමට ඉඩ කඩ බහුල හෙයින් ඔවුන් ට නිවහල්ව සිය ජිවිකාව ගෙනයාමට හැකිවන අන්දමේ කිසියම් ආදායම් මාර්ගයක් සකස් කර දීමද තවත් එක අරමුණකි.

 

අස්වැද්දුමේ අරමුණ යමක් කමක් ඇති අයගෙන් ලැබෙන ආධාර දුගී ජනතාවට බෙදා දී නිකමුන් බිහි කිරීම නොව රටට ජාතියට වැඩ දායක පිරිසක් බිහි කිරීමය.

බුදුන් පා තැබූ දේශයෙන් මෙළොව එළිය දුටු අපි අන් අය වෙනුවෙන් යමක් දායද කොට ඔවුගේ සිනහවට දායක වෙමු. වැඩි විස්තර සදහා අස්වැද්දුම හා සම්භන්ධ වන්න. මෙම සත් ක්රියාව සදහා දායක වීමට කැමතිනම් අස්වැද්දුම ෆේස්බුක් පිටුව තුලිනුත්, කුලරත්න රාජපක්ෂ පිටුවෙනුත් , ප්රියන්ත රත්නායක පිටුවෙනුත් අවශ්ය තොරතුරු ලබාගත හැක.

 

මුදලින් ආධාර කිරීමට අවශ්යනම් පහත ගිණුමට මුදල් බැර කිරීමෙන්ද දායක විය හැක. ගිණුම් අංකය 75864348 ලංකා බැංකුව- පෙමඩුව ශාඛාව. ඔබ "අස්වැද්දුම" වැඩසටහන් වලට අදාළ යම් ව්යාපෘතියක් සදහා දායක වන්නේනම් ඒ සදහා ඔබගේ පෞද්ගලික පැමිණීම අගය කරනු ඇත. බොහොමයක් සමාජ සත්කාර නමින් සිදුවන ජාවාරම් නිසා මෙවැනි වූ ඉල්ලීමක් කිරීමට සිදුවන බව කරුණාවෙන් සලකන්න.

 

මේ විස්තර මට ලබා දුන් ප්රියන්ත රත්නායකටත් , කුලරත්න රාජපක්ෂ ගුරු පියානන්ටත් මම මුළු හදවතින්ම ස්තූති වන්ත වෙමි.