1815- 2015 200 Years of signing the Kandyan Convention – Remembering the ‘Dark Age’ of Sri Lanka at London

Admin | 04 Mar, 2015 10:37PM | Leave a comment
ඉංග්රීසි යටත් විජිත සමයේදී ඉංග්රීසි රජය විසින් ශ්රී ලංකාව තුල සිදු කල යුද අපරාද පිළිබඳව වත්මන් අගමැති ඩේවිඩ් කැමරන් සහ ඔහුගේ රජය දැනුවත් කිරීමේ ජන හමුවක් ශ්රී ලංකාව බ්රිතාන්ය පාලනයට යටත් කර ගැනීමෙන් වසර දෙසියයක් සපිරුණු 02/3/2015 දින ලංඩනයේ පරිමේන්තු චතුරශ්රයේදී පැවැත්විණ . මෙමෙ ජන හමුව සංවිදානය කර තිබුනේ British Sri Lankan Forum නමැති බ්රිතාන්යයේ වෙසෙන ශ්රී ලාංකීය සංවිධානය විසිනි. සීත ඉර්තුවේ ඉතාමත් තදබල සීත දේශගුනයක් පැවතුනු මෙදින ඒ ගැන මද තැකිමකුදු නැතිව , දේශපාලන හෝ වෙනයම් බේද වලින් තොරව හෙළ හිතකාමී ශ්රී ලාංකීය පිරිසක් මේ අවස්ථාවට සහභාගී වුහ. ජන හමුව අවසානයේ අප රට තුල ඉංග්රීසි ජාතිකයන් සිදුකල ම්ලේච්ඡ මානව හිමිකම් ඝාතන පිලිබඳ සන්දේශයක් එංගලන්ත පාර්ලිමේන්තුව වෙත බාර දීමට සංවිධායකයන් සමත් වුහ. මෙහි වැදගත්ම සිදුවීම නම් ජන රැලිය පුරාම ඔසවා තිබුනේ අද භාවිත කරන සිංහ කොඩිය වෙනුවට සිංහලේ අයිතිහාසික සිංහ කොඩිය වීමයි. ජන හමුව අමතා දේශනයක් කල ජනක අලහප්පෙරුම මහතා 1815දී අවුරුදු 8ට අඩු සියලුම පිරිමි ළමයින් මරා දැමීම, පොල් ගස් කොස් ගස් වනසා වැව් බිද දමා සාගතයක් ඇතිකර සිංහල ජාතිය සමුහ ඝාතනය කල අකාරය ගැන මතක් කරමින් ඒ අනුව සිංහල ජාතිය අද දවස වනතුරු ඉතිරි වීමත් පුදුමයක් බව පැවසුවේය. ජනහමුවෙන් පසු පැමිණ සිටි පිරිස දේශාභිමාන.

Photographs by Renuka Wimalarathna