Hon. Harin Fernando Championship Trophy 2014

Admin | 13 Sep, 2014 02:28PM | Leave a comment
ඌව දිනන සටනට හරින්ට බි‍්‍රතාන්‍ය චායා ස්වදේශ කටයුතු ඈමතිනියගෙන් සුබ පෑතුම් !

ජාතික යොවුන් පෙරමුණු එක්සත් රාජධානී ශාඛාව විසින් 4 වන වරටත් සංවිධානය කරන ලද කි‍්‍රකට් සහ දැල්පන්දු සැණකෙළිය, අගෝස්තු මස 31 වන දින, ඉරු දින, හැරෝ පීනර් කී‍්‍රඩාංගනයේ පැවැත්විය.
මෙවර තරගාවලියේ විශේෂත්වය වන්නේ, මෙය විශේෂයෙන් ම එක්සත් ජාතික පක්ශයේ මීලග ජාතික මැතිවරණ මූලික කර ගනිමින් සහ ඌව මහ ඇමති, ගරු හරීන් ප‍්‍රනාන්දු මහතාගේ ජයග‍්‍රහණය ශක්තිමත් කිරීම වෙනුවෙන් සංවිධානය කිරීමයි. මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන්, බි‍්‍රතාන්‍ය පා.ම. සහ කම්කරු පක්ෂයේ චායා ස්වදේශ කටයුතු ඇමතිනිය වන ගරු සීමා මල්හෝත‍්‍රා මහත්මිය සහභාගී විය.
තරගාවලියට කි‍්‍රකට් කණ්ඩායම් 21 ක් සහ කාන්තා දැල්පන්දු කණ්ඩායම් 7 ක් සහභාගී විය. කි‍්‍රකට් ශූරතාවය ‘‘ජොලි බෝයිස්’’ කණ්ඩායම දිනාගත් අතර, කාන්තා දැල්පන්දු කිරුළ යොවුන් කී‍්‍රඩිකාවන්ගෙන් සමන්විත ‘‘හැරෝ ඒන්ජල්ස්’’ කණ්ඩායම දිනාගන්නා ලදි.
තවද, මෙම කී‍්‍රඩා සැණකෙළි ජාතික සමගියේ සංකේතයක් වශයෙන් සියළුම ජාතීන්ට අයත් ශී‍්‍ර ලාංකිකයන් මෙයට එකමුතුව සහභාගී විය. ද්‍රවිඩ, සිංහල, මුස්ලිම් භේදයකින් තොරව විවිධ ජාතීන්ට අයත් ශී‍්‍ර ලාංකිකයන් තම කී‍්‍රඩා කණ්ඩායම් වලට කී‍්‍රඩා කළ අතර, ලන්ඩනයේ වෙසෙන විවිධ වයස් කාණ්ඩ වලට අයත් සියළු ශී‍්‍ර ලාංකිකයන් එක්වූ අවස්ථාවක් හැටියට මෙම තරගාවලිය හැඳින්විය හැක. එය එක්සත් ජාතික පක්ෂයට ආඩම්බර විය හැකි කරුණක් වන අතර, ශී‍්‍ර ලංකාව තුල ජාතික සමගිය වර්ධනයටද එය පිටුවහලක් වෙයි.

***ආරාධිත දේශනය පැවැත්වූ බි‍්‍රතාන්‍ය පා.ම. සහ කම්කරු පක්ෂයේ චායා ස්වදේශ කටයුතු ඇමතිනිය වන ගරු සීමා මල්හෝත‍්‍රා මහත්මිය පවසා සිටියේ රටක සමගිය සහ සහජීවනය ට මෙවැනි වැඩසටහන් වලින් මහත් රුකුලක් වෙන බවත් ගරු දේශපාලන්යක නිරතව රටේ මහජනතාවගේ සැබෑ ගැටලු වෙනුවෙන් පෙනී සිටීමට කැපකිරීම් කරන ඌව පලාත්සභා මහ ඇමති අපේක්ශක හරීන් ප්‍රනන්දු මහතට සුභ පතන බවයි

තවද මෙහි විශේශත්වයක් වූයේ ගරු හරීන් ප‍්‍රනාන්දු මැතිතුමා ස්කයිප් තාක්ෂණය ඔස්සේ ත්‍යාග ප‍්‍රධානෝත්සවය ඇමතූ අතර, ඔහු වෙනුවෙන් මෙවර තරගාවලිය සංවිධානය කිරීම පිළිබඳව සිය විශේෂ ස්තූතිය ජාතික යොවුන් පෙරමුණු සභාපති මාධව සේනානායක මහතාටත්, සංවිධායක ම`ඩුල්ලටත් පිරිනමන ලදි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ එතුමා, ල`ග එන ඌව මැතිවරණය එ.ජා.ප. ආණ්ඩුවක සුභ ලකුණ බවත්, එය කෙතරම් දුෂ්කර, කටුක ම`ගක වැටී තිබුනත් තරුණයෙකු ලෙස තමා ජය කණව කරා පක්ෂය රැගෙන යන බවත් ප‍්‍රකාශ කළේය.

*මෙහිදී ජාතික යොවුන් පෙරමුණේ ලංඩන් ශාඛාවේ ගරු සභාපති මාධව සේනානායක මහතා පවසා සිටියේ මෙවර ඌව මැතිවරණය රටේ ඉදිරි දේශපාලනික ගමන් මගෙහි විශාල වෙනසක් කිරීමට මුල පුරණ මැතිවරනයක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාදු මහතා එම දූරයෙන් ඉවත් වී එතුමා සතු වූ සියලූම වර්ප්‍රසාද පසෙකලා ජාතික දේශපාලනික මය තීරනයක් ගැනීම සම්බන්දයෙන් එක්සත් ජාතික පක්ශයේ සහ ජාතික යොවුන් පෙරමුණේ ස්තුතිය පුද කල යුතු බවයි.වැඩි දුරටත් අදහස් දැක් වූ ඒ මහතා කියා සිටියේ වත්මන් දේශපාලනික පසුබිමත් රටේ උද්ගත වී ඇති සහ උද්ගතවෙමින් පවතින සමාජ දේශපාලනික පසු බෑමට මෙවර ඌව සටන දිනා ගැනීම තුලින් රටේ බහුතරයක් වෙනසක් බලා පොරොත්තුවෙන් සිටින සියලූම ජන කොටස් එක තැනකට ගෙන සර්ව සාධාරන දේශපාලනික පසුබිමක් නිර්මානය කිරීමට මෙයින් අවස්තාවක් ලැබෙන බව සහ රටේ අනාගතය වෙනුවෙන් පක්ශයක් හැටියට එක්සත් ජාතික පක්ශයේ ප්‍රතිපත්ති වලින් උපරිම පල නෙලා ගත හැකි බවද එහි වැදගත් කමද පෙන්වාදුන් අතර අවසාන වශයෙන් ජාතික යොවුන් පෙරමුණේ ලංඩන් ශාඛාවේ ගරු සන්විඩායක දසිත ගමගෙ මහාතා මෙයට සහාය දැක්වූ සියළු දෙනාට සිය ස්තූතිය පිරිනැමූ අතර, ආචාර්ය ‘‘රොජර් ශී‍්‍රවාසන’’ මහතාටත්, ජන හ`ඩ පදනරමේ ගරු සභාපති ලාල් ඩයස් මහතාටත් සිය හෘදයාංගම ස්තූතිය පළ කළේය.

 

Like - National Youth Front UK