ජගත් සම්මාන රැසක් දිනූ ලන්ඩනයේ ජීවත් වන ලාංකිකයකුගේ සිනමා නිර්මාණයක්

Admin | 03 Sep, 2018 02:01AM | Leave a comment
ලන්ඩනයේ ජීවත් වන ලාංකිකයකු වන නුවන් ජයතිලකගේ සිනමා නිර්මාණයක් වන ජගත් සම්මාන රැසක් දිනූ  සුළඟ අප රැගෙන යාවි‘ 58 වන ආසියානු පැසිෆික්  සිනමා උළෙලේ 2018 Best Story තරඟකාරී අංශයෙන් අවසන් වටයට තේරී පත්වී ඇත.නිශ්පාදනය ප්‍රවීන ගත් කතුවර සයිමන් නවගත්තේගමගේ දියණිය මායා නවගත්තේගම විසිනි. 

මෙහිදී සම්මාන 28 ක් උදෙසා ආසියා පැසිෆික් කලාපය නියෝජනය කරන නිර්මාණකරුවන් තරඟ වැදීමට නියමිත අතර ලොව පැරණිතම සිනමා උළෙලක් වන මෙය පළමුවරට 1954 වසරේදී තෝකියෝවේදී ආරම්භ වුණි. ආසියා පැසිෆික් කලාපයේ Federation of Motion Picture Producers මගින් පවත්වනු ලබන මෙය වාර්ෂිකව පැවැත්වේ.

ඉන්දියාව, ජපානය, තායිවානය,  බංග්ලාදේශය, වියට්නාමය, ඉරානය, ඉන්දුනීසියාව හා හොංකොං ආදී රටවල සිනමා නිර්මාණ ශිල්පීන් මෙම උළෙලේදී තරඟ වදියි. ලොව ප්‍රකට කෑන්ස් සම්මාන උළෙලේදී ජයග්‍රහණය ලැබූ සිනමා නිර්මාණ පවා මෙහිදී තරඟ වැදී ඇති අතර මීට පෙර කිසිදු ලාංකීය නිර්මාණකරුවෙකු මෙහිදී ඇගයීම් ලබා නැති පසුබිමක සිය කුළුඳුල් සිනමා නිර්මාණය වෙනුවෙන් අවසන් වටයට තේරී පත්වීමට  නුවන් ජයතිලකට හැකියාව ලැබීම ජාත්‍යණ්තරව ඔහු ලැබූ විශාල ජයග්‍රහනයකි.2018 සම්මාණලාභීන්ගේ අවසාන් ප්‍රතිපල සැත්තැම්බර් මුල් සතියේ.

මේ වන විටත් විදෙස්  සිනමා සම්මාන උළෙලවල් කිහිපයක් නියෝජනය කළ නුවන් ජයතිලකගේ මෙම කුළුදුල් නිර්මාණය හිමිකරගත් සම්මාන හා ඇගයීම් මෙසේය.

ලොව හොදම චිත‍්‍රපටිය – 2016

මෙත්‍රො කොමන්ත්‍රො කොර්තො සිනමා උළෙල – ඉතාලිය

ගෞරවනීය රෙමී සම්මාණය -2016

හූස්ටන් ජාත්‍යන්තර සිනමා උළෙල – ඇමරිකාව

එමෙන්ම,

ලන්ඩන් ජාත්‍යන්තර ආසියානු සිනමා උළෙල – 2016

ටොරොන්ටෝ ජාත්‍යන්තර ලෝක සිනමා උළෙල – 2016

මෙල්බන් ජාත්‍යන්තර ඉන්දියානු සිනමා උළෙල – 2016

රෝමයේ සිනෙමා ඞ් රින්ගේරා සිනමා උළෙල – 2016

නෙදර්ලන්තයේ සිනේකිඞ් සිනෙමා උළෙල – 2016

මිලානෝහි සිනෙමා ඩි  මැන්ඩෝ සිනමා උළෙල – 2016 ආදියේදී තරඟකාරී අවසාන වට වලදී ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ප‍්‍රදර්ශණය කිරීමේ අවස්ථාව හිමිවිය.

 

ඕස්ට්‍රේලියාවේ ප‍්‍රධාන නගර සියල්ලෙහිම මෙන්ම ලන්ඩනය, ජර්මනිය, ඉතාලිය ඇතුළු රටවල ප‍්‍රධාන නගරවල පැවති විශේෂිත දර්ශන වාර වලදී දෙස් විදෙස් පේ‍්‍රක්ෂක ආකර්ශණය දිනාගෙන ඇත  සුළඟ අප රැගෙන යාවිසිනමා නිර්මාණය පසුගිය දෙරණ සිනමා උළෙලෙහි සමාරම්භක චිත‍්‍රපටිය වෙමින් ප‍්‍රථමවරට මෙරට පේ‍්‍රක්ෂකයන්ට දැකබලා ගැනීමට අවස්ථාව හිමිවුණි.

එය මෙවර යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේදි ද තිරගත වීමට නියමිත අතර  පවුලේ සැමට රස විඳිය හැකි සිනමා කෘතියක් ලෙස එය ළගදීම මෙරට ප්‍රේක්ෂකයින්ට දැකබලා ගැනීමේ භාග්‍යය උදාවෙනු ඇත.

 

තවමත් සිනමා හල්වලට මුදා නොහැරුනු සිනමා පටය පිළිබද චිත්‍රපට අධ්‍යක්‍ෂ නුවන් ජේ විසින් තම මුහුණු පොත්තට එක් කරණ ලද පහත  සටහන අප ඔහුගේ මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී

 

"ලාංකීය පොලව මත කුළුදුලෙහි උපන් සිනමා සිහිනය මියෙමින් තිබේ. අකාරුණික සමාජයක සිනමා-පට 80වක පෝලිමක උභතෝකෝටිකව පස් වසර සමරන්නට වීමේ වේදනාවෙන් මිරිකෙමින් සිටිමි. මේ ජයග්‍රහණය ඒ කටෝර කතරට ක්ෂේමභූමියක් වගෙයි. සිනමාව වෘත්තීය කරගන්නට සිහින දුටු මොහොත ගැන මතකය තවමත් අද ඊයේ වගෙයි. එදා පටන් මේසා කලක් සෙනෙහසින් මා දිරිමත් කරන, අතැඟිලි වලටත් වඩා කුඩා සුළුතරයට මේ සතුට ඒ විසල් සුළගේ අපූර්වත්වය සමග පා කර එවමි."

 

Tel: 00447572664131

(Whatsapp, Viber or imo )

 

 

 

Facebook : https://www.facebook.com/TheWindBeneathUs/

Email: j.nuwan@gmail.com

Website:  http://www.thewindbeneathusfilm.com/