Birthday Fund Appoints New CEO and Board of Directors

Admin | 11 Feb, 2017 12:58PM | Leave a comment
Annual general meeting of the London based Sri Lankan charity " Birthday Fund" was held on 15th January, 2017 at All Saint's Church Hall in Queensbury.

Founder and the Chairman of the Birthday Fund Jayantha Herath welcomed the gathering and thanked every one who worked tirelessly during the last two and half years to continue the charitable work in Sri Lanka and fund raising programmes in the UK. He also welcomed and introduced a few new members who attended the AGM.

The secretary of the Birthday Fund Chandana Gunasekara presented a detailed description on all the charitable work carried out in Sri Lanka. The Treasure Godfrey De Silva gave an illustrated talk on the accounts and explained how the funds were raised and spent in various projects in Sri Lanka.

Active member of the fund, Mrs. Manjula gave a brief talk on the valuable work carried out by the fund and proposed a new way to promote a membership drive, to recruit new members.

Chairman Jayantha Herath discussed with the gathering the proposed systematic and methodical new programme for the new year, which was unanimously approved by all the members after a long discussion.

Devika Ratnayaka was appointed as the Secretary General of the fund, the post which was vacant after the former secretary was appointed as the Director of Donation Projects.

With the newly approved programme a Chief Executive Officer and a new set of Directors were appointed to over look the running of various divisions of the fund.

 

New CEO and Board of Directors for the year 2017

Chief Execrative Officer - Dr. Manjula Mahanama

Director of Finance ( Treasure ) - Godfrey De Silva

Director of Donation Projects - Chandana Gunasekara

Director of Legal Affairs - Prasanna Muthukumaarana

Director of Public Events - Aruna Perera

Director of Communications - Ama Gunasekara

Director of Facilities - Ajantha Weerasekara

Director of Registry ( Secretary ) Devika Ilandarideva

Director of Marketing - Anjula Kumarage

Director of Fundraising - Olu Suraweera

Director of Youth Affairs - Nita Gurusinghe

Official Photographer - Lakruwan Rajapaksha
උපන්දින අරමුඳලේ වාර්ෂික මහා සභා රැස්වීම ලංඩනයේදී

සටහන: චන්දන ගුණසේකර- උපන්දින අරමුඳල වෙනුවෙන්.

ඒ දෙදහස් දාහත වසරේ සීතල දුරැත්තේ තුන්වැනි ඉරිදා සැන්ඳෑ බාගයයි. විඩෙන් විඩේ වැටුණු චුරැ චුරැ වැස්සත් , පළාතම අඳුරින් වැසුණු මූසල පරිසරයත් සමඟම ඇදී ආ සීතලත් ගතටත් සිතටත් එක්කළේ මහා අලසකමක් කිව්වොත් එය නිවැරදියි. නිවසින් එළියට යනවා තබා පෙරෝනයෙන්වත් එළියට නොබැස ඇඳටම ගුලි වී ඉන්නට ගත සිත බල කළත් එක්තරා පිරිසකගේ හදවත් ඊට ඉඩ දුන්නේ නෑ. ඒ තමයි ලංඩනයේ " උපන්දින අරමුඳලේ " ක්‍රියාකාරී සමාජික සාමාජිකාවන් පිරිස. පැවති අලසකාරී වාතාවරණය මධ්‍යයේ වුවද ඔවුන් නියමිත වෙලාවට නියමිත ස්ථානයට පැමිණ සිටියා. ඒ උපන්දින අරමුඳලේ වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගී වීමටයි.

සුළ මොහොතක ප්‍රමාදයකින් පසුව රැස්වීමේ වැඩ කටයුතු ආරම්භ වුණා. එහිදී පළමුව කට හඬ අවඳි කළ උපන්දින අරමුඳලේ නිර්මාතෘ හා එහි සභාපති ධුරන්ධර ජයන්ත හේරත් සොයුරා පැමිණ සිටි පිරිස ඉතාමත්ම උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා. ඉන් පසු සිදුවූයේ අපගේ ආරාධනය පිළිගෙන පැමිණි සිටි නවමු සාමාජිකයින් කිහිපදෙනෙකු හඳුනාගැනීමයි.

ඉන් අනතුරැව මේ වසර දෙකහමාරක් වැනි කෙටි කලක් තුළ අප ආ ගමන් මඟ ගැන කෙටි සමාලෝචනයක් කිරීමට පැවරැනේ අරමුදුලේ ලේකම් වූ මටයි. මගේ කථාවෙන් පසුව අරමුඳලේ භාණ්ඩාගාරික ගොඩ්ෆ්‍රී ද සිල්වා සොයුරා විසින් අප මෙතෙක් කල් තර කර ගත් අරමුඳල් සහ අප ඒවා ලංකාවේ ව්‍යාපෘති සඳහා යෙදවූ ආකාරය පිළිබඳව සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් කරනු ලැබුවා.

උපන්දින අරමුඳලේ ක්‍රියාකාරී සාමාජිකාවක වන මංජුලා අහන්ගම මහත්මිය අරමුඳලේ වටිනාකමත් එයට නව සමාජික සාමාජිකාවන් බඳවා ගැනීම සඳහා යෝජිත නව වැඩ පිළිවෙළ පිළිබඳවත් සභාව දැනුවත් කරනු ලැබුවා.

ඉන්පසුව සභාපති තුමන් විසින් අරමුඳලේ ඉදිරි වැඩ කටයුතු ක්‍රමවත්ව සහ විධිමත්ව කරගෙන යාම සඳහා එතුමන් විසින් සකස් කළ යෝජිත වැඩ පිළිවෙළ සභාව හමුවේ ප්‍රකාශයට පත් කළා. එයට පැමිණ සිටි සියලුම සාමාජික සාමාජිකාවන්ගේ කැමත්ත පළවීමෙන් පසු අරමුඳලේ ඒ ඒ අංශ සඳහා වගකිවයුතු කළමනාකාරවරැන්( Directors) පත් කරනු ලැබුවා. මෙහිදී පුරප්පාඩු වූ අරමුඳලේ මහ ලේකම් තනතුර සඳහා දේවිකා රත්නායක මහත්මියව ඒකඡන්දයෙන් පත් කෙරැන අතර සභාවේ සෑම අයෙකුගේම මුහුණුවල පැවතියේ ඉතාමත්ම උද්යෝගයක්.

තම තමන්ට පැවරැනු තනතුරැවල වැඩ භාරගත් සාමාජික සාමාජිකාවන් ඒ අවස්ථාවේම තම තමන්ගේ කණ්ඩායම් සඳහා ඒ ඒ අංශයන්හී නිපුනතාවයන්, දැනුම හා අත්දැකීම් ඇති අනෙකුත් සාමාජික සාමාජිකාවන්ද එක්කරගනු ලැබුවා.

මේ වනවිට හෝරා දෙකකුත් ඉක්මගොස් තිබූ අතර සභාවාරයේ වැඩ කටයුතු වල අවසානය මඳින් මඳ ළංවූවා. ඒ අවස්ථාවේ අප සාමාජිකාවන් පිරිසක් ඔවුන් තම තමන්ගේ නිවෙස්වලින් සකසාගෙන පැමිණි ප්‍රණීත ආහාර හා තේ පැන් සංග්‍රහයක් පැමිණවුන් පිරිසට පිළිගන්වනු ලැබුවා. එයද සතුටින් භුක්තිවිඳි සභාතොමෝ ඉතාමත්ම සතුටින් විසිර ගියේ තමන්ගෙන් තම මව්බිමට ඉටුවිය යුතු යුතුකම ඉතා ඉහළින් කරනබවට සහතික වෙමින්. ඊළඟ හමුවේදී ඉදිරියට කරන ව්‍යාපෘති හා අරමුඳල් තර කර ගැනීමේ වැඩ පිළිවෙළ ගැන සාකච්ඡා කර ගැනීමට එකඟ වී සියල්ලෝම ශාලාවෙන් එළියට පැමිණෙන විය, හැන්දෑවෙ පැවති වැස්ස තුරල් වී දුරැතු සඳ ගුවන් ගැබ අරා විද්‍යාමාන වුයේ උපන්දින අරමුඳලේ ඉදිරි ගමනට ආශීර්වාද කරන්නටම වගේ කියලයි මටනම් හිතුණෙ.

සටහන: චන්දන ගුණසේකර- උපන්දින අරමුඳල වෙනුවෙන්.