සංගක්කාරට තවත් සම්මානයක්

tmadawela | 05 Oct, 2016 07:20PM | Leave a comment
ලන්ඩන් නුවර කියා ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පසුගිය 23 වන දින පැවැත්වුන " ආසියානු ක්රිකට් සම්මාන" උත්සවයේදී ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර වෙත ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා සිදුකල සේවය අගයමින් විශේෂ සම්මානයක් පිරිනමනු ලැබිය.

බ්‍රිතාන්‍යයේ වාර්ෂිකව පැවැත්වෙන මෙම සුවිශේසී සම්මාන උළෙල තුලින් බ්‍රිතාන්‍යයේ සිටින ආසියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතාවයන් අගය කිරීමත් ආසියාවේ සුවිසේෂි ක්‍රීඩකයින්ගේ සේවය අගය කිරීමත් සිදු කරයි. මෙය බ්‍රිතාන්‍යයේ වැදගත් වාර්ෂික සම්මාන උළෙලකි.

සම්මානය ලබාගනිමින් අදහස් පලකල සංගක්කාර " තමන් අතින් ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා කිසියම් සේවයක් සිදුවුවා නම් එම සේවය අගය කිරීම පිළිබඳව කෘතඥ වන බව කිවේය. ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය භාර එංගලන්තයේ මෙන්ම ආසියාවේ රටවලත් අපගේ දරු පරපුර ඒ සඳහා නිසි අයුරින් යොමු කිරීමත්, අවශ්‍ය ගුරු හරුකම් ලබාදෙමින් උනන්දු කිරීමත් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක අන්දමට කරගෙන යාම සඳහා අතහිත දීමත් සඳහා අපට ඇති වගකීම වටහාගෙන කටයුතු කිරීම ඉතාමත් වැදගත් බවද සංගක්කාර පැවසුවේය.