අස්ගිරි මහනාහිමි ගුණ ලන්ඩනයේදී සිහිකෙරේ.

tmadawela | 01 Jan, 1970 12:00AM | Leave a comment
Photographs by Tissa Madawela

අස්ගිරි මහනාහිමි ගුණ ලන්ඩනයේදී සිහිකෙරේ.අපවත්වී වදාළ මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සසුනඹර ඒකාලෝක කරමින් සිදුකල මහා සාශනික සේවාව සිහිපත් කරමින් උන්වහන්සේට පින් පැතීමේ මතක වස්ත්‍ර පුජාමය පින්කමක් මහනා හිමියන්ගේ ආදාහන පුකොත්සවය පැවති දිනයේදී ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී සිදුකරනු ලැබිය.

විහාරාධිපති මහාබ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක අග්ගමහා පණ්ඩිත පුජ්‍ය ගලයායේ පියදස්සි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති පිංකම සඳහා පුජ්‍ය ආචාර්ය හාඳුපැල්පොල මහින්ද හිමි, පුජ්‍ය ආචාර්ය දඹර අමිල හිමි, පුජ්‍ය වස්කඩුවේ සුබෝධි හිමි සහ පුජ්‍ය ගලයායේ ධම්මදස්සී හිමි සමඟ ලන්ඩනයේ හිටපු ශ්‍රී ලංකා මහා කොමසාරිස් චන්ද්‍රා මොනරවල, මහනාහිමියන් කුඩා අවදියේ සියදැන හැඳින සිටි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය ආචාර්ය සුබද්‍රා සිරිවර්ධන ඇතුළු සැදැහැවතුන් බොහෝ ගණනක් සහභාගී වුහ.

පුජ්‍ය ආචාර්ය දඹර අමිල හිමියන් මේදිනවල ලන්ඩනයට වැඩම කර සිටින්නේ උන්වහන්සේගේ ගුරු හාමුදුරුවන් වන දැනට මදක් අසනීප තත්වයෙන් පසුවන සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන වාසී පුජ්‍ය ආචාර්ය හාඳුපැල්පොල මහින්ද හිමියන්ගේ සුවදුක් සොයාබලා උන්වහන්සේට අවශ්‍ය ඇප උපස්ථාන කිරීමේ අටියෙනි.පිංකම ආරම්භයේදී අපවත්වී වදාළ මහනාහිමියන් විසින් ඉටුකළ සාශනික සේවාව පැහැදිලි කරමින් අනුසාශනාවක් කල පියදස්සී නාහිමි පැවසුවේ බුද්ධරක්ඛිත මහනාහිමියන් සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සමඟ ඉතාම හිතෛශීව කටයුතු කල අතර කිට්ටු සම්බන්ධතාවයක්ද පවත්වාගෙන යන ලද බවය.

මහනාහිමිපාණන් වහන්සේ කිහිප වතාවක්ම කින්ස්බරි විහාරස්ථානයට වැඩම කල බව පැවසු පියදස්සී නාහිමියෝ පසුගිය වසරේ ලන්ඩනයේ අලුතෙන් ආරම්භ කෙරුන සම්බෝධි විහාරය විවෘත කිරීමේ පිංකම සඳහා සනභාගිවීමට ලන්ඩන් නුවරට වැඩමකළ අවස්ථාවේදීද උන්වහන්සේ තම විහාරස්ථානයට වැඩමකළ බවද සිහිපත් කළහ.නිහතමානි සරල ඉතාම චාම් ජිවිතයක් ගතකල මහනාහිමියන් වහන්සේගේ අපවත්වීම රටටත් ජාතියටත් බුදු සසුනටත් සිදුවූ විශාල පාඩුවක් බව ද එම සේවය කෘතවේදීව සිහිපත් කරමින් උන්වහන්සේට පින්පෙත් පැමිණවීම අපගේ යුතුකමක් වන නිසා මෙම පුන්‍යානුමොදනා පිංකම සුදානම් කල බවද පියදස්සී හිමියෝ පැවසුහ.
පුජ්‍ය ආචාර්ය දඹර අමිල හිමියෝද හරවත් ධර්ම දේශනයක් පැවැත්වුහ.