Dharmaraja College Old Boys joined 150th Birthday Celebrations of Srimath Anagarika Dharmapala

Asiri | 02 Oct, 2014 09:14PM | Leave a comment
During the final stages of the colonial era, there came a feeling amongst social leaders to reform the increasingly diluted Sinhalese culture and reinstall the national identity of the Sinhalese Buddhists within Sri Lanka. The first born son of an extremely affluent family, Srimath Dharmapala, named Don David Hewavitharana, lived a comfortable and privileged childhood. His wealth entitled him to the best English education. At the age of 16 however, his life changed drastically from those of his merchant parents.

He took the initiative to learn Sinhala, Pali and Sanskrit from Ven. Migettu Watte Gunananda and Ven. Hikkaduwe Sri Sumangala there and worked widely for the promotion of Buddhism, especially in the holy sites in India. Under the motto 'Sinhalese people! Wake up and save Buddha Gaya' he campaigned for the Buddhist control of the Buddha's place of enlightenment, which he was shocked to find in control of Hindu priests in 1891. Srimath Dharmapalas work lead to the restoration of Kushinara, the place of Parinibanna, as a pilgrimage site for Buddhists.

With the likes of Colonel Henry Olcott and Madame Blavatsky he revitalised Buddhism not just within Sri Lanka but also around the world, travelling to India, America and England where he founded the first temple, the London Buddhist Vihara.

He also reestablished over 300 Buddhist schools in Sri Lanka at a time where all the best schools were strictly Christian. These include Kandy Dharmaraja College, Colombo Ananda and Nalanda colleges, Galle Mahinda and Matara Rahula colleges. All of these are today some of the most esteemed schools in the country.

To commemorate Sir Anagarika Dharmapala's work as well as his 150th birthday, a week of celebrations took place in London between the 15th and 21st of September. Organised by the London Buddhist Vihara, each day was hosted by Alumni from the various schools. The festivities held on the 17th of September, exactly a century and half to his birthday, was held by the Kandy Dharmaraja college ex-pupils.

The welcome speech was by Ven. Bogoda Silawimala, the head of Vihara and the event was hosted by Ven. Thawalama Bandula. Chief guests Rev. Kevin Morris spoke about the importance of the celebrations in honour of this national hero and how children must be aware of such a significant figure in Sri Lankan history. The day also held an exhibition of over 100 images as well as a short film depicting life story of Srimath Anagarika Dharmapala. The vote of thanks was given by the president of the Old Boys Union, Upul Ekanayaka. This successful day drew a large proportion of the Sri Lankan Buddhist community in an around London.

By Anu Wimalarathna
Pics: Praneeth Hettiarachchi and Chandrasiri Bothenna

අනගාරික ධර්මපාලතුමන්ගේ 150 වෙනි ජන්ම දින සැමරුමට මහනුවර ධර්මරාජ විද්යාලයීය ආදී සිසුන් එක් වෙයි

සිංහල ජාතිය යලි නගා සිටුවීමෙහිලා මහා මෙහෙවරක් කළ දේශමාමක පුතුන් අතර ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ට හිමි වන්නේ ඉතාම වැදගත් ස්ථානයක් බව අවිවාදිත කාරණාවකි. ආර්ථික අතින් සරු පවුලක පිරිමි දරුවෙකු වුණු කුඩා දොන් ඩේවිඩ් හේවාවිතාරණට තම පවුල් පසුබිම හරහා මනා ඉංග්‍රිසි අධ්‍යාපනයක් ලබා බටහිර ආරට මහත් සැප පහසුකම් මැද සුපිරි ජීවිතයක් ගත කරන්නට අවැසි සියළුම කරුණු කාරණා සපුරා තිබියදීත් එදා වයස අවුරුදු 16ක තරුණ වියේදී කර්නල් හෙන්‍රි ස්ටීල් ඕල්කොට්තුමා මුණ ගැසීම සිංහල බෞද්ධයන් ගේ පමණක්ම නොව සකළවිධ ලෝකවාසී බෞද්ධය න්ගේ වාසනාවට සිදුවූවකැයි සිතීම හුදෙක්ම සාධාරණය​.

මිගෙට්ටු වත්තේ ගුණානන් ද සහ හික්කඩුවේ ශ්‍රී සුමංගල වැනි ජාතියේ පිනට පහළ වුණු යතිවරයාණන් වහන්සේලා වෙතින් සිංහල, පාලි සහ සංස්කෘත භාෂා ප්‍රගුණ කළ එතුමා තමන් විසින් ඇරඹී සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරය නොවන්නට අද ලෝකවාසී බෞද්ධයන්ට බුදුන් උපන් දේශය දැක බලා ගන්නට වාසනාව හිමි නොවනු ඇත​. “සිංහලයිනි නැගිටිව් බුද්ධගයාව බේරා ගනිවු” යන උදාර වැකියෙන් නිදා සිටි සිංහලුන් අවදි කර සංකර සිරිතට එරෙහිව හඬ නැගූ චතුර කථිකයෙකු විය​. එම පුණර්ජීවනයේ ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ බෞද්ධ පාසල් ඇතිවීමේ කාර්‍යයට මහත් වූ මෙහෙවරක් කළ ඕල්කොට්තුමාගේ අමිල​ මෙහෙවරට ධර්මපාලතුමන් ගේ නොමද සහයෝගයද එකතු වීමෙන් මහනුවර ධර්මරාජ​, කොළඹ ආනන් ද​ සහ​ නාලන් ද​, කුරුණ​ෑගල මලියදේව​, ගාල්ල මහින් ද සහ මාතර රාහුල ආදී වූ පිරිමි පාසල්ද තවත් කාන්තා පාසල් රැසක්ද බිහිවිය​. ලංකාවේ කොතෙක් පාසල් තිබුණත් මෙම පාසල් කිහිපය ඉතාම ජනප්‍රිය සහ විශිෂ්ඨ ප්‍රතිපල ගෙන දෙන පාසල් බවට එදා සිටම අද දක්වාම ඉහලින් වැජඹීම එතුමන්ලාගේ අප්‍රතිහත ෛධර්‍යයට සහ අව්‍යාජ ව්‍යායාමයට ගරු කිරීමක් ලෙස සිදු වන එක්තරා ආකාරයක ආශ්චර්‍යයක් යැයි විටෙක හැඟේ.

බුදු දහම ලොව පුරා ප්‍රචාරය කිරීම ධර්මපාලතුමාගේ ජාතික මෙහවරේ තවත් ප්‍රධාන අවස්ථාවක් විය​. එහි ප්‍රතිඵලයක් ලෙස යුරෝපයේ අරඹන ලද ප්‍රථම බෙෳද්ධ සිද්ධස්ථානය නම් අදටත් ලෝකවාසීන්ට නිර්මල බුදු දහම බෙදා දෙන ලන්ඩන් බෙෳද්ධ විහාරයයි.

ධර්මපාල තුමන් ගේ 150 වෙනි ජන්ම දිනය වෙනුවෙන් එය සමරණු වස් ලන්ඩන් විහාරය කේන්ද්‍ර කර ගනිමින් සැප්තැම්බර් මස 15 සිට 21 දක්වා  සතියක් පුරාවට එතුමන්ගේ ගුණ සමරුවක් සංවිධානය කෙරිණි. ප්‍රධාන උත්සවය සැප්තැම්බර් මස 21 දින පැවති අතර අනෙකුත් දිනයන් වලදී විහාරස්ථාන භූමියේ උත්සව සංවිධානය කෙරිණි.

එහිදී නායක ස්වාමින් වහන්සේගේ මග පෙන්වීම යටතේ එක් එක් දිනයට අනුග්‍රහාක දායකත්වය ලබා දීමට එංගලන්තයේ පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලාංකීය පාසල් කිහිපයක ආදී සිසු සංගම් වලට අවස්ථාව උදා වුණි. එහි ප්‍රථිපලයක් ලෙස අනගාරික ධර්මපාල තුමන් මෙලොව එලිය දැක හරියටම වසර 150ක් සපිරෙන 2014 සැප්තැම්බර් මස 17 වෙනි බදාදා අනුග්‍රාහක දායකත්වය මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමයේ එක්සත් රාජධානි කණ්ඩායමට ලැබිණි.

එදින කෙවින් මොරිස් පියතුමා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණු අතර එහිදී ධර්මපාල තුමන්ගේ ජීවින තතු විස්තර කෙරෙන ලිපි සහ පින්තූර සියයකට අධික ප්‍රමාණයක ප්‍රදර්ශණයක්ද පැවැත් විණි. ලන්ඩනය පුරා වෙසෙන බෙෳද්ධ අබෙෳද්ධ විශාල පිරිසක් සහහාගී වුණු මෙම සැමරුම ධර්මපාලතුමන්ගේ අප නොදත් ඉතා වටිනා ජීවන තතු රැසක් කියා ප​ෑවේය​.

ලන්ඩන් විහාරාධිපති බෝගොඩ සීලවිමල නායක ස්වාමින් වහන්සේ පැමිණ සිටි පිරිස පිළිගත් අතර ලන්ඩන් විහාරවාසී තවලම බන්දුල ස්වාමීන් වහන්සේ උත්සවය මෙහෙය වූහ​. කෙවින් මොරිස් පියතුමන් විසින් මෙවන් සැමරුමක් කිරීමේ ඇති වැදගත්කම සහ ශ්‍රී ලාංකීය කටයුතු වලදී ඔහු ලන්ඩන් විහාරය සමඟ ඉතා කිට්ටුවෙන් කටයුතු කළ බවත් ඉදිරියටත් වඩාත් සමීපව කටයුතු කරන බවට ප්‍රකාශ කළේය​.

මෙහිදී පැමිණ සිටි සැමට ධර්මපාලතුමාගේ තොරතුරු ඇතුලත් කෙටි චිත්‍රපටයක් නැරඹීමට අවස්ථාව සැලසුණු අතර මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමයේ එක්සත් රාජධානි කණ්ඩායමේ සභාපති උපුල් ඒකනායක මහතා විසින් අවසනදී පැමිණි සැම වෙනුවෙන් ස්තුති කථාව පැවැත් විය​. එහිදී ධර්මපාල තුමාගේ ජාතික මෙහෙවර ගැන යලිත් කෙටියෙන් සිහිපත් කළ ඔහු බෝගොඩ සීලවිමල නායක ස්වාමින් වහන්සේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ හිටපු ගුරුවරයෙකු වීම පිළිබඳව ආදී සිසු සංගමයේ සභාපති ලෙස විශේෂයෙන් සතුටු වන බව ප්‍රකාශ කළ අතර එදින එම කර්තව්‍යය සාර්තක කර ගනු පිණිස ආදී සිසුන් ගෙන් ලද සහාය වෙනුවෙන් විශේෂ ස්තුතියක් ද පිරිණැමීය​.