වාර්ෂික පුන්යානුමොදනා පිංකම 19 වන වතාවටත් පැවැත්වෙයි

tmadawela | 16 Feb, 2017 07:38PM | Leave a comment
1998 ජනවාරි 25 වන දින ලෝකවාසී බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වූ මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට එල්ල කල ප්‍රහාරය හෙලා දකිමින් එම මෙලෙච්ච ක්‍රියාව නිසා ජීවිතය අහිමිවූ සහ විපතට පත්වූ අසරණ ජනයා සිහිපත්කර ඔවුනට පින් පැමිණවීම මුලිකකොට වාර්ෂිකව පවත්වන පුන්යානුමොදනා පිංකම 19 වන වතාවටත් පසුගිය වසරේ දෙසැම්බර් 25 වනදින ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී පවත්වනු ලැබීය.

මෙම පිංකම් මාලාව ආරම්භ කල කරුණා බස්නායකයන්ගේ කාරුණික මඟ පෙන්වීම සහ අවසරය ඇතුව එම වැඩසටහන මෑතක සිට ක්‍රියාත්මක කරනු ලබන්නේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදය මඟිනි.

මෙම පිංකමේදී අනුරාධපුර ශුද්ධ නඟරයේ පිහිටි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට එල්ල කල ප්‍රහාරයෙන්, අරන්තලාව භික්ෂුන් වහසේලා වෙත කරන ලද අමානුෂික ප්‍රහාරයත්, දිඹුලාගල පුජ්‍ය ශීලාලන්කාර නාහිමි ඇතුළු විපතට පත් සියලුම දෙනා, විශේෂයෙන් රට ජාතිය සුරැකීම සඳහා දිවිපිදු මෙන්ම අභාධිතවූ සියලුම වීරෝධාර රණවිරුවන්, සුනාමි වියසනයෙන් විපතට පත් සියලුම දෙනා, මෑත යුගයේ රට, දැය සාමය පුබුදුවාලූ පුජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් ඇතුළුව අනෙකුත් හේතුන් නිසා විපතට පත් සැම දෙනෙකුම සිහිපත් කර ඒ සියලු දෙනාහටම පින්පැමිණවීමද මෙදින සිදු කෙරුණි.

මෙම අවස්ථාවට බ්‍ර්තාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදය වෙත ලබාදී ඇති ශ්‍රී ලංකාවේ තිවිධ හමුදාවන්ගේ ධජ නාවික හමුදා කොමදෝරු වයි.එන්.ජයරත්න, මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ තුන්වන ලේකම් සෙත්රාජ සමරවීර සහ පින්කමට සහභාගීවූ සරු දැරියන් පිරිසක් විසින් බුදු මදුර වෙත ගෞරවාන්විතව ගෙන එනු ලැබීය.

ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියන් ඇතුළු විහාරවාසී මහා සංඝ රත්නය සමඟ දෑ හිතකාමී විශාල පිරිසක් පිංකම සනදහා සහභාගී වුහ.

පුජ්‍ය කොන්වෑවේ අරියරතන හිමියන් අනුශාසනාව පවත්වමින් වසර 19 ක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ මෙවැනි වැදගත් පුන්යානුමොදනා පින්කමක් නොකඩවා පවත්වාගෙන යෑමේ වැදගත්කම විස්තර කර දුන්නේය. බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සන්සධයේ ජනක අලහප්පෙරුම මෙවැනි පින්කමක් සංවිධානය කිරීමේ අරමුණ පැහැදිලිකර දුන්නේය. වසර ගණනාවක්ම මෙම පිංකම ලන්ඩන් බෞද්ධ විහාරස් ථානයෙදී පැවැත්වීමට අවසර ලබාදීම පිළිබඳව විහාරාධිපති පුජ්‍ය සීලවිමල හිමියන්හටද පිංකම සඳහා වැඩමකළ අනෙකුත් මහා සංඝරත්නයටද ස්තුති පුර්වක ප්‍රණාමය පුදකළ ඔහු පිංකමේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අනෙක අයුරින් උපකාරිවු සැමටත් පින්කමට සහභාගීවූ සැමටත් ස්තුති කළේය.