2016 Kathina Ceremony at Scotland Buddhist Vihara

adminuk | 26 Nov, 2016 08:47PM | Leave a comment
Scotland Buddhist Vihara was founded in year 2002 by The Head Monk for the United Kingdom of the Kotte Sri Kalyani Samagri Dhamma Maha Sangha Sabha Venerable Kamburawala Sri Rewatha Thero. It is the only Buddhist Vihara in Scotland practising the Therawada Buddhist tradition.

There were number of well known & leading Buddhist Monks invited and attended from Sri Lanka and also from within the United Kingdom to the ceremony.

Also, there were a large gathering of Buddhists attended from Greater Glasgow, Aberdeen, Stirling, Edinburgh, Dumfries and Dundee. In addition we had the pleasure of having number of devotees fro the Letchworth Buddhist Vihara in England.

It was also a highlight that the donation of 28 wooden Buddha Statues donated by Mr Thilak Pathirana and Mrs Nilmini Lekhamwattage on this day. Mr & Mrs Sanjeewa and Madhu Mallawarachchi donated a number of volumes from Vinaya Pitaka, the first Division of Thripitaka Buddhist Scripture. Mr Priyantha Bandara handed these to the Vihara on behalf of Mr & Mrs Mallawarachchi.

We give our blessings and good merits to all the Devotees and Friends of the Vihara for their tremendous good deeds, offerings of Senasana, Cheewara, Pindapatha and Gilanaprathya during the long Vassana Season and taking care of the resident Monks and the Vihara not only this year but all the many years from year 2002.

එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පාද කඹුරාවල සිරි රේවත නාහිමියන් විසින් 2002 දී ආරම්භ කරන ලද ස්කොට්ලන්ත බෞද්ධ විහාරය, ස්කොට්ලන්තයේ පිහිටි එකම ථේරවාද බෞද්ධ මධ්‍යස්ථානයයි. බුදු දහම හා බෞද්ධ භාවනා ක්‍රම යුරෝපයේ ව්‍යාප්ත කරලීම උදෙසා මහත් සේවාවක් සිදු කරනු ලබන මෙම විහාරස්ථානයේ වාර්ෂීක කඨින චීවර පූජා මහෝත්සවය 14 වන වරටත් ග්ලාස්ගෝ නගරයේ පිහිටි (Barmulloch community) ශාලාවේ දී 2016 වප් මස 22වන දින අති උත්කර්ෂවත් අයුරින් සිදුවිණි.

එක්සත් රාජධානියේ ස්ථාපිත විහාරස්ථාන රාශියකින් මෙන්ම ශ්‍රී ලංකාවෙන් ද මහා සංඝරත්නය වැඩම කරවීම සතුටට කරුණකි. මෙම මාහැගි පුණ්‍ය කර්මය සදහා සිංහල ශබ්ද කෝෂයේ සම්මාන කතෘ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පාද අකුරැටියේ නන්ද නාහිමිපාණන්වහන්සේ ශ්‍රි ලංකාවෙන් වැඩම කරන ලද අතර පූජ්‍යපාද දෙදියවල විමල, ගෝනුල්ලේ අස්සජි, මාකුඹුරේ මංගල, දොඩම්ගොඩ සුමේද, සූරියවැව කුසල, පනාමුරේ රාහුල, කෝට්ටේ විසුද්ධි සහ මතුගම පාලිත යන හිමිවරැ සහභාගි වුහ. එමෙන්ම ගිහි දායක පිංවතුන් විශාල පිරිසක් ද සහභාගි වුහ. මෙම මහැගි කටයුත්තට ග්ලාස්ගෝ, ස්ටර්ලින්, ඩන්ඩී, එඩින්බරා, ඇබඩීන්, ඩම්ෆ්‍රීස් වැනි නගර වලින් මෙන්ම එංගලන්තයේ ලෙච්වර්ත් බෞද්ධ විහාරස්ථානයේ දායක පිංවතුන් රාශියක් පැමිණ සහභාගි වීම කැපි පෙනෙන කරුණකි.

ස්කොට්ලන්ත බෞද්ධ විහාරාධිපති කඹුරාවල සිරි රේවත නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් සිදු කරන ලද මෙම මහගු කටයුත්ත ඉතා දර්ශනීය පෙරහැරකින් සධාතුක කරඩුවත් කඨින චීවරයත් උත්සව ශාලාවට වැඩම කරවීමෙන් කටයුතු ආරම්භ කරන ලද අතර බුද්ධප්‍රමුඛ මහා සංඝරත්නය විෂයෙහි දන් පිළිගැන්විමෙන් අනතුරුව කඨින චීවරය සඝසතු කොට පූජා කිරීම සිදුවිණ.

අපවත්වි වදාළ කෝට්ටේ ශ්‍රි කළ්‍යාණි සාමග්‍රි ධර්‍මමහා සං‍ඝ සභාවේ මහානායක ධුරන්දර මහෝපාධ්‍ය අග්ගමහා පණ්ඩිත බෙල්ලන ඤාණවිමල මහානාමිපාණන්වහන්සේටත් මියපරලොව ගිය දායක පිංවතුන්ගේ පවුල්වල ඥාතීන්ට ද පැන්වඩා පුණ්‍යානුමෝදනා කිරිම ද මෙහිලා සිදුවින. මෙම වටිනා පුණ්‍යකර්මයට සමගාමීව දර්ශනීය අටවිසි බුද්ධ පූජා පිංකමක් ද අවසානයේ දී සිදුකරන ලද අතර පූජ්‍ය පාද මතුගම පාලිත හිමියන් එය මෙහෙයවන ලදී. එහි දී දැවයෙන් නිමවන ලද අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා විහාරස්ථානයට පූජා කිරීම විහාරස්ථානයේ සමීප දායක පිංවතුන් දෙපලක් වන තිලක් පතිරණ මහත්මා සහ නිල්මිණි ලේඛම්වත්තගේ මහත්මිය යන දෙපල විසින් සිදු කරන ලද අතර අටවිසි පූජාව සදහා බොහෝ පිරිසක් දායක වුහ. එංගලන්තයේ හැම්ෂීල්ඩ් නගරයේ පදිංචි සංජීව මල්ලවාරච්චි මහත්මා සහ මධූ මල්ලවාරච්චි මහත්මිය යන දෙපළ විහාරස්ථානයට අඩුපඩුවක්ව පැවති විනය පිටකයට අයත් ග්‍රන්ථ පූජා කළ අතර එය නිළ වශයෙන් පූජා කිරීම ප්‍රියන්ත බණ්ඩාර මහත්මා අතින් සිදුවිණ.

එක් විහාරස්ථානයක වසරකට වතාවක් පමණක් සිදු කරනු ලබන මෙම මාහැගි පිංකමට සහභාගි වීම ජීවිතයේ ලබන ලද ඉතා භාග්‍යසම්පන්න අවස්ථාවකි.

මෙම වටිනා පිංකමට දායකත්යව සහ සහභාගීත්වය දරන ලද සැමට මේ සියළු පින නිර්වානාවබෝධය පිණිසම හේතු වේවා....!

 

By Bhante Rewatha Thero

Photo Credit: Malitha Yatiwella