New Year Festival In Paris France

tmadawela | 30 Apr, 2015 08:09AM | Leave a comment
පැරිස් නුවර ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත සේක්සා පදනම මඟින් ප්‍රංශයේ උපන් ශ්‍රී ලාංකික දරු දැරියන් හට අපරටේ අලුත් ඇඋරුද්ද හා බැඳී පවත්නා ජාතික සිරිත් විරිත් හා ක්‍රීඩා පිලිබඳ කිසියම් අවබෝධයක් ලබාදී ඒ පිළිබඳව ඔවුන් තුල උනන්දුවක් වර්ධනය කිරීමේ මුලික අරමුණෙන් යුතුව පැරිස් නුවරදී පවත්වන වාර්ෂික අලුත් අවුරුදු උත්සවය මෙවරත් ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලද බව පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්තානාධිපති පුජ්‍ය පරවාහැර චන්දරතන හිමියෝ පැවසුහ.
මෙම උත්සවයට සහභාගිවන ශ්‍රී ලාංකික වැඩිහිටියන්හටද එවන් චාරිත්‍ර වාරිත්‍ර සහ සම්ප්‍රදායික අවුරුදී කෙලිසෙල්ලම් මෙන්ම ක්‍රීඩා සඳහා ද සහභාගිවීමට අවස්තාවක් සැලසීමද මෙහි තවත් අරමුණක් වූ බවද උන්වහන්සේ පැවසුහ.
ශ්‍රී ලාංකික මෙන්ම අන් ජාතික දරු දැරියන් සහ දෙමාපියන් සහභාගීවූ බක්මහ උළෙල ආරම්භ කෙරුනේ ආගමික කටයුතු වලින් අනතුරුවය.
පුජ්‍ය පරවාහැර චන්දරතන හිමියන්ගේ අනිශාසනාවෙන් පැවැත්වුන මෙවර උත්සවයට පැරිස් බෞද්ධ විහාරාධිපති ශාස්ත්‍රපති පුජ්‍ය කොන්ගස්දෙනියේ ආනන්ද නාහිමි, පැරිස් නුවර ජේතවන විහාරාධිපති පුජ්‍ය මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමි, පුජ්‍ය මාපලගම ජිනානන්ද හිමි, පුජ්‍ය මහගම සුනීත හිමි, පුජ්‍ය ඔලිදලුවේ ශ්‍රී විභුති හිමි සහ පුජ්‍ය ගඩවිලේ විමලකිත්ති හිමි ඇතුළු මහා සංඝරත්නය සහ ශ්‍රී ලාංකික කතෝලික පියතුමෙකුත් සහභාගිවුහ.
ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වුයේ පැරිසියේ වැඩබලන ශ්‍රී ලංකා තානාපතිනි සොබිනි ගුණසේකර මහත්මියයි.
පැරිස් නුවර තිසරාවී කලායතනයේ දිමිත්‍රි පීරිස් නර්තනාචාර්ය වරියගේ සිසු සිසුවියන් සහ ගුරු භවතුන් ඉදිරිපත් කල මනහර සංස්කෘතික සංදර්ශනයක්ද පැවැත්විණි.