"Lakdaruwo" at Paris Buddhist Vihara

tmadawela | 16 Jun, 2018 02:53PM | Leave a comment
පැරිස් බෞද්ධ විහාරයෙන් " ලක්දරුවෝ" නමින් ප්‍රසංගයක්


ප්‍රංශයේ පැරිස් බෞද්ධ විහාරයට අනුබද්ධ ධම්ම චක්ක දහම්පාසලේ දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් වර්ෂ පහකට වරක් සිදුකරනු ලබන ලක් දරුවෝ විවිධ ප්‍රසංගය එම විහාරාධිපති පුජ්‍ය කොන්ගස්දෙනියේ ආනන්ද හිමියන් ගේ අනුශාසනා පරිදි මෙවරත් ඉතා උසස් අන්දමින් පවත්වනු ලැබීය .දහම් පාසලේ ප්‍රධාන ආචාරිනි විජයන්ති හේවගේ මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය පාසලේ දූ දරුවන් සම්බන්ධ කරගෙන ඉදිරිපත් කළ විශේෂාංග සැමගේ පැසසුමට ලක් විය. ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පැරිස් නුවර ජේතවන විහාරස්ථානාධිපති පුජ්‍ය මුරුංගාගස්යායේ ඤාණිස්සර ප්‍රධාන පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති ප්‍රංශයේ සංඝ නායක ඇති පුජ්‍ය පරවාහැර චන්දරතන නාහිමි, පුජ්‍ය මහගම සුනීත හිමි සහ පුජ්‍ය කැම්පනේ අනුරුද්ධ හිමි සමග ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති බුද්ධි අතාවුද මැතිතුමා ඇතුළු විශාල ගිහි පැවිදි පිරිසක් මේ උත්සවයට සම්බන්ධ වූහ. පුජ්‍ය කෝ. ආනන්ද හිමියන් විසින් රචනා කළ ධම්මචක්ක දහම් පාසැල් ගීතය විශේෂ ආරාධිතයකු ලෙස ලංකාවේ සිට පැමිණි විශාරද එඩ්වඩ් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් සිසු දරු දැරියන් ද සම්බන්ධ කරගෙන ඉදිරිපත් කරනු ලැබූ අතර එම දූ දරුවන් සම්බන්ධ කරගෙන ගැයූ "අකුරු මැකී නෑ" ආදි ගීත සැමගේ පැසසුමට ලක් විය. පුජ්‍ය මහගම සුනීත හිමියන්ගේ සහ රංජිත් අබේරත්න මහතාගේ සංස්කාරකත්වයෙන් සකස් කළ සමරු කලාපය මහා සංඝරත්නය ඇතුළු ආරාධිත විශේෂ අමුත්තන්ට මෙහිදී පිළිගන්වනු ලැබිය.