Annual Pirith Chanting and Almsgiving

14 Nov, 2014 @ 07:00PM - 11:00PM | Organized by
Date & Time
14 Nov, 2014 @ 07:00PM - 11:00PM
Tickets
£
ශ්‍රී ලංකා ජනාධිපති වරයාට සහ ජනතාවට සෙත් පතා ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන පරිත්‍රාන ධර්ම දේශනය සහ දානමය පිංකම මෙවරත් නොවැම්බර් 14 වන සිකුරාදා සහ 15 වන සෙනසුරාදා මහ කොමසාරිස් කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.
මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක ලන්ඩන් බෞද්ධ විහාරාධිපති පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ වැඩ බලන මහ කොමසාරිස් ශාමලී රොඩ්රිගෝ මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලයේ සංවිධායකත්වයෙන් සහ ලන්ඩනයේ අනෙකුත් ශ්‍රී ලාංකික රාජ්‍ය ආයතනයන්ගේ කාර්ය මණ්ඩල සහ හිතමිත්‍රාදීන්ගේ සහයෝගීත්වයෙන් පැවැත්වෙන මෙම පින්කම් සඳහා ලන්ඩන් නුවර සහ ඒ අවට ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථාන සියල්ලගෙන්ම මහා සංඝ රත්නය වැඩම කරවීම සඳහා අවශ්‍ය කටයුතු සුදානම් කර ඇත.
පිරිත් පිංකම 14 වන සිකුරාදා සවස 7 සිට 11 දක්වාත් හීල් දානමය පිංකම පසුදින උදෑසන 7 ට බටහිර ලන්ඩන් නුවර හයිඩ්පාර්ක් උද්‍යාන මාවතේ අංක 13 දරන ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී පැවැත්වෙනු ඇත.
මෙම පින්කම් සඳහා සහභාගීවන ලෙස සියලුම ශ්‍රී ලාංකිකයින් හට මහ කොමසාරිස් කාර්යාලය ආරාධනා කරයි.