APISRILANKAN COVERAGE

Sri Lankan Baila Night 2014

29 Nov, 2014 07:00PM - 30 Nov, 2014 01:00AM | Organized by Sunil B Perera
Date & Time
29 Nov, 2014 07:00PM - 30 Nov, 2014 01:00AM
Venue
Feltham Community College, Browells Lane, Feltham, TW13 7EF
Organizer
Sunil B Perera
Tickets
£
ලන්ඩනයේ ප්‍රාසාංගික සංගීත වේදිකාවට නව මානයක් එක් කළ සුනිල් බී පෙරේරා, බයිලා ගායනයට ප්‍රසිද්ධියක් උසුලන දක්‍ෂ ගායන ශිල්පියෙකි. වසර ගණනාවක් තිස්සේ සංගීත ලෝකයේ සැරිසරන ඔහු මීට පෙර Sri Lankan Baila Night නමින් සංගීත ප්‍රසංග දෙකක් ලන්ඩන් වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඉදිරිපත් කර ඇත​. එම ප්‍රසංග දෙක හරහා සුනිල් තම ගායන දක්‍ෂතාවය මනාකොට පෙන්නුම් කළ අතර ලන්ඩනයේ වෙසෙන අනෙකුත් ශ්‍රී ලාංකීය ගායන ශිල්පීන්ටද තම වේදිකාව මත ගී ගයන්නට අවස්ථාව උදා කර දුනි. එය බොහෝ දෙනාගේ පැසසුමට ලක් වුණු කාරණයක් වූ අතර තවද ප්‍රසංග සාර්ථක වන්නට බල පෑ විශේෂ කාරණයක්ද විය​.

ඒ අනුව මෙවරද සුනිල් බී පෙරේරා විසින් තෙවැනි වරටත් Sri Lankan Baila Night නමින් සංගීත ප්‍රසංගයක් පවත්වන්නට මේ වන විට සියලු කටයුතු සිදු කර හමාරය​. 2014 නොවැම්බර් මස 29 වෙනි සෙනසුරාදා Feltham Community College හිදී සවස 6.00 සිට අළුයම 1.00 දක්වා මෙම ප්‍රසංගය පැවැත්වෙන අතර සුනිල් බී පෙරේරාට අමතරව දිමුතු තිලකරත්න​, මිල්ටන් පෙරේරාගේ පුත් පියුශාන් පෙරේරා, සනත් උඩුගම​, හේමන්ත් කුමාර්, ශානක මිහිර​, චන්දු ගමගේ, ආනන්ද හික්කඩුව සහ මධු අධිකාරී ගායනයෙන් ප්‍රසංගය හැඩ කරයි. ධම්මික තුසිත ප්‍රමුඛ Fresh Night සංගීත කණ්ඩායම සංගීතය සපයන අතර ආසිරි බණ්ඩාර විසින් නිවේදන කටයුතු සිදු කරණු ලබයි.

ප්‍රවේශ පතක මිල පවුම් 15.00 ක් වන අතර ඊට රාත්‍රී ආහාරයද ඇතුලත්‍ය​. වැඩි විස්තර සඳහා 07772335728 ඔස්සේ සුනිල් බී පෙරේරා ඇමතීමෙන් ලබගත හැක​.