New Sinhala News Paper launch in London

tmadawela | 01 Jan, 1970 12:00AM | Leave a comment

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන " " නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත පසුගියදා  ලන්ඩන් විහාරාධිපති පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියන්ට පිළිගන්වනු කරනු ලැබිය.

ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී එම පිටපත නාහිමියන් වෙත පිළිගන්වනු ලැබුවේ ප්‍රකාශකයින් වෙනුවෙන් හර්ෂ සිරිවර්ධ විසිනි. හෙළබිම ප්‍රධාන කතෘ චතුර විද්‍යාරත්න ඇතුළු ප්‍රකාශනයට සම්බන්ධ කිහිප දෙනෙක්ද එම අවස්ථාවට සහභාගී වුහ.

මෙම පුවත්පත පලකිරීමේ අදහස පිළිබඳව කරුණු දැක්වූ හර්ෂ සිරිවර්ධන කිවේ ලන්ඩන් නුවර සිට සිංහල භාෂාවෙන් පුවත්පතක් පලකිරීම අභියෝගාත්මක ක්‍රියාවක් බවය. "ඉතා අඩු සම්පත් සහිතව ආරම්භ කල හෙළබිම තුලින් අපේ බලාපොරොත්තුව අපටම ආවේනිකවූ පත්තර කලාවක් තුල ශ්‍රී ලාංකීය සමාජීය සහ දේශපාලනමය තොරතුරු පාට පක්ෂ හෝ වාර්ගීය භේදයකින් බැහැරව සාකච්චා කිරීමයි" යනුවෙන්ද ඔහු පැවසිය.

හෙළබිම පුවත්පතේ පලකෙරෙන සියලුම ලිපි, සාකච්චා, විශේෂාංග ලිපි සහ ප්‍රවෘත්ති වාර්තා එම පුවත්පතේම කතෘ මණ්ඩලයක් විසින් සකස් කරනු ලැබේ.

ලන්ඩනයට අත්‍යාවශ්‍යව තිබු සිංහල පුවත්පතක් පටන්ගැනීම කාලෝචිත ක්‍රියාවක් බව පැවසු සීලවිමල නාහිමියෝ නව ප්‍රකාශනයේ වැඩකටයුතු සාර්ථක වේවායි සුභ පතුහ.

එම අවස්ථාවට සහභාගිවූ මහා සංඝ රත්නය සෙත් පිරිත් සජ්ජායනාකොට ආශීර්වාද කරනු ලැබිය.


හෙළබිම බෙදාහැරෙන්නේ නොමිලයේය.

මීට පෙර ප්‍රවීණ මාධ්‍යවේදී දයා ආනන්ද රණසිංහ විසින් "ලංකා විත්ති" නමින් නොමිලයේ බෙදා හැරි සිංහල පුවත්පතක් ලන්ඩනයේ වසර 15 ක් නොකඩවා පල කළේය.