Bathiya N Santhush Donating 30,000 Liters of Water in Polonnaruwa

Admin | 03 Sep, 2014 12:03PM | Leave a comment
https://www.youtube.com/watch?v=RCAUO_meTgM අයිස් බකට් අභියෝගය නියගයට පිළිසරණක් කරගත් භාතිය සන්තුෂ්

මැදිරිගිරිය, පන්සල්ගොඩැල්ල, පල්ලියගොඩැල්ල, අලුත්වැව, මීගස්වැව, වඩියවැව, කබුරාන, වෙදියාවැව, අක්බාරපුර මේ සියලු ගම්මාන වල ලක්ෂ්ය සංඛ්යාත මිනිසුන් පිරිසකට හව්හරණක් නැතිවුයේ වතුර බිදක් වර්ෂාවක් පිළිබද හෝඩුවාවක් හෝ ඔවුන් බොහෝ කලකින් දැක නැති බැවින්. නමුත් ඒ ගැන කණ වැකුණු වහාම ක්රියාත්මක වුණු භාතිය සන්තුෂ් ගායක දේපළ අයිස් බකට් චැලෙන්ජ් එක මහා සමාජ සත්කාරයක් බවට පත්කරගන්නේ බකට් පෙරළා සතුටුවීමට නොව අසරණ ජනතාවට පිළිසරණක්වීමට මෙය කදිම අවස්ථාවක් බවට පත්කරගනීමින්.
මේ සියලු ගම්මාන වලට පානීය ජලය රැගෙන තවත් සහෝදර කලාකරුවන්ද සමගින් ඔවුන් ගිය දුෂ්කරගමනට භාතිය සන්තුෂ් රසික රසිකාවියන්ද තවත් ආයතන කිහිපයක්ද ඔවුන්ට ආධාර උපකාර කළ අයුරුද මතක් කළේ මේ පින මේහැමෝටමයි යන්න පැහැදිලි කරමින්. සෙත්මා සෙත් ලංකා, ශ්රී ලංකා යුධ හමුදාව, කාගිල්ස් සිලෝන්, රංජිත් පේජ් ප්රධාන විධායක නිලධාරී කාගිල්ස් සිලෝන්, ආර්.සදේශ් කුමාර්, සොගෝ වතුර, Sky Films යන ආයතනද මේ සදහා දායකවී තිබුණා.

[mom_video type="youtube" id="Gr5_OV4cxkU"]

බිමට වතුර උගුරක් නැති මිනිසුන්ට වතුර ලීටර් 30,000 ලබාදීම මොනතරම් අගනේද, නියගයේ අව් කාෂ්ටකේ මැද්දේ උනත් මේ පීඩිත ජනතාවගේ මුහුණට සිනාවක් එක් කරන්නට භාතිය සන්තුෂ් ගීතයට එහා ගිය මහා සමාජ සත්කාරයකට මේ අයුරින් උරදුන්නේ අපුරු පුර්වාදර්ශයක්ද ලබාදෙමින්.