ලංඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ඉල්ලා අස්වෙයි?

Admin | 22 Feb, 2018 01:11AM | Leave a comment
යහපාලන රජය බලයට පත්වීමත් සමගම ලංඩනයට පත්කර එවන ලද බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය අමාරි විජේවර්ධන මහත්මිය මාර්තු 30 වැනිදායින් සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදී ඇතැයි විශ්වාස කටයුතු විදේශ සේවා ආරංචිමාර්ග සඳහන් කළේය.

ඇයගේ අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇතැයිද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

වත්මන් රජය බලයට පත්වීමත් සමගම අමාරි විජේවර්ධන මහත්මිය බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස පත්කරන ලද්දේ පසුගිය රජය සමයේ බිඳ වැටී තිබූ ද්විපාර්ශ්වික සම්බන්ධතා වර්ධනය කරලීම පිණිසය.

ලබන අගෝස්තුවේදී අමාරි විජේවර්ධන මහත්මියගේ වසර දෙකක සේවා කාලය අවසන් වීමට නියමිතව තිබණි.

ජනක අලහප්පෙරුම ලංඩනයේ සිට
Source: www.ada.lk