අපේ ක්‍රිකට් කණ්ඩායම ලන්ඩනයේ

Admin | 06 May, 2016 10:49AM | Leave a comment
චායාරුප ප්‍රනීත් හෙට්ටිආරච්චි

මාස දෙකක සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ නිලධාරින් ලන්ඩනයේ හිත්රෝ ගුවන් තොටුපලේ විශේෂ මගී පර්යන්තයේදී බ්‍රිතාන්‍යයේ වැඩ බලන ශ්‍රී ලංකා මහ කොමසාරිස් සුගීශ්වර ගුණරත්න ඇතුළු තානාපති නිලධාරීන් විසින් හරසරින් පිළිගනු ලැබිය.

මෙම අවස්ථාවට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෝන් කාර් සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ලන්ඩන් නියෝජිත නලින් පෙරේරාද සහභාගී වුහ. ලන්ඩනයට පැමිණි කණ්ඩායමට නායක ඇන්ජලෝ මැතිව් සහ ක්‍රීඩකයින් 17 දෙනෙකුද කළමනාකරු චරිත සේනානායක, පුහුණුකරු ග්‍රැහැම් ෆෝර්ඩ් සහ අනෙකුත් සහායකයින්ද ඇතුලත් වෙයි.
ලංකා කණ්ඩායමේ සංචාරය පිළිබඳව කටයුතු සංවිධානය කිරීම සම්බන්ධයෙන් ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල වැඩබලන මහකොමසාරිස් වරයා සමඟ සාකච්චාකර අවශ්‍ය උපදෙස් ලබාදී ඇත.

මෙහිදී එංගලන්තයේ ජිවත්වන ශ්‍රී ලාංකිකයින් මෙන්ම අපගේ කණ්ඩායමට සහාය දක්වන සියලුම දෙනා තරඟ නැරඹීම සහ ශ්‍රී ලංකා කණ්ඩායමට සහාය දැක්වීම සඳහා උපරිමයෙන් සහභාගී කරවා ගැනීම සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් සාකච්චාවී ඇත.

තරඟ පැවැත්වෙන ස්ථානයන්හි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය මඟින් අපගේ සංස්කෘතික අංග, නර්තන සහ සංගීත කණ්ඩායම්, ආහාර පාන යොදා ගනිමින් ශ්‍රී ලංකාව පිලිබඳ ප්‍රචාරාත්මක වැඩසටහන්ද ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.
මෙම සංචාරට ටෙස්ට් තරඟ 3 ක්ද,පන්දු වාර 50 එක්දින තරඟ 5ක්ද එක් 20X20 තරඟයක්ද ඇතුලත් වෙයි.
ප්‍රථම ටෙස්ට් තරඟය මයි 19 සිට 23 දක්වා ලීඩ්ස් නඟරයේ හෙඩින්ග්ලි පිටියේදී පැවැත්වෙයි.
අවසන් ටෙස්ට් තරඟය ජුනි 9 සිට 13 දක්වා ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙයි.

දැනට බ්‍රිතාන්‍යයේ දේශගුණය උණුසුම් අතට හැරෙමින් පවතින බැවින් මෙම තරඟ සඳහා ක්‍රීඩා කිරීමේදී දේශගුණ බලපෑම ශ්‍රී ලංකා කණ්ඩායමට වාසිදායක වීමට ඉඩ ඇත. ශ්‍රී ලන්කාවත් එංගලන්තයත් අතර අවසන් වතාවට පැවති තරඟ දෙකකින් සමන්විතවූ ටෙස්ට් තරඟ මාලාවෙන් ශ්‍රී ලංකාව විශිෂ්ඨ ජයක් ඇත කරගැනීමට සමත්විය.

මේඅතර ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කර ඇති පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන සතියේ මහා බ්‍රිතාන්‍යයේ නිළ සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිතව ඇත . බ්‍රිතාන්‍ය රජයේ ආරාධනාවක් පරිදි ජනාධිපතිවරයා මෙසේ සංචාරය කරන බවද එහි සඳහන් වෙයි. මෙම සංචාරය අතර වාරයේදී ක්‍රිකට් තරඟයක් නැරඹීමට අවස්තාවක් ලැබේද කියා දැනගැනීමට ලැබී නැත.