ජිනීවා කඨින පිංකම මෙවරත් මහ ඉහළින්

adminuk | 26 Oct, 2017 10:07PM | Leave a comment
ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයීය වාර්ෂික කඨින මහා පුණ්‍යමහෝත්සවය මෙම 15 ඉරිදා විවිධ ජාතික බෞද්ධ අබෞද්ධ විශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් අතිශය උත්කර්ෂවත්ව සිදු කෙරිණ. මෙවර මෙම පිංකම සංවිධානය කෙරුණේ ශ්‍රි ලාංකික හා සියළු ජාතිකයන්ගේ සහභාගීත්වයෙන්, ජිනීවාහි එක්සත් ජාතීන්ගේ තායිලන්ත වෙළඳ තානාපතිනී සුනන්දා කන්ග්වල්කුල්කිජ් මැතිනිය ප්‍රධාන විහාරයට සම්බන්ධ තායි ජාතික පින්වත් මහ පිරිසකගේ අනුග්‍රහයෙනි.

 

ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක පූජ්‍යපාද පරවාහෙර චන්දරතන නාහිමි, ආචාරය තවලම ධම්මික නාහිමි, පූජ්‍ය බොරෙල්ලේ කෝවිද මාහිමි,පූජ්‍ය හල්විටිගල සුජාත හිමි, ජිනීවා ලක්ඛණ හිමි හා තායි හා ලාඕස් ජාතික හිමිවරුන් සහභාගීවූ මෙම පිංකම සඳහා ජිනීවාහි එක්සත්ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති රවිනාත් ආරියසිංහ, වෙළඳ තානාපති කුමාර රත්න මහතුන් ප්‍රධාන බුරුම හා තායි තානාපතිකාර්යාල නිලධාරීන් සමග විවිධ ජාතිකයන් පන්සීයකට අධික පිරිසක් සහභාගීව සිටියහ.සියළු ආසියාතික බෞද්ධ රටවල් නියෝජනය වන පරිදි පිළියෙළ් වූ විවිධ ආහාර පාන වලින් අලංකෘත වූ මෙම මෙම කඨින මහා සංඝ ගත දක්ෂිණාවෙන් අනතුරුව සහභාගී වූ හැම දෙනටම ප්‍රණීත ආහාර පාන සංග්‍රහයක් ද සිදුකෙරිණ.

 

පසුගියදා අපවත්වී වදාළ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක, ගාල්ලේ හබරකඩ ශ්‍රී විජයානන්ද රාජමහා පිරිවෙන් විහාරාධිපති පූජ්‍යපාද හබරකඩ ඉන්ද්‍රරතන නාහිපාණන් අනුස්මරණය කරමින් කඨින් පිංකම්ට සමගාමීව විශේෂ පිං අනුමෝදන් කිරීමක් සිදු කෙරිණ. උන්වහන්සේගේ ආදි ආනන්ද සිසුවෙකුවන තනාපති රවිනාත් ආරියසිංහ මහතාගේ සහ්භාගීත්වයෙන් සිදුවූ මෙම පිංකමේ අනුස්මරණ ධර්ම දේශනා පූජ්‍ය පරවාහැර චන්ද්‍රරතන නාහිමි හා පූජ්‍ය බොරෙල්ලේ කෝවිද හිමිවරුන් විසින් පවත්වන ලදහ.

ඒ සමගම වසරකට පෙර දිවංගතවූ තායිලන්තයේ භූමිපෝල් මහ රජතුමන් සිහිකරමින් විශේෂ අනුස්මරණ පිංකමක් ද මෙදිනම සිදුකරණ ලදී.