Alastair Cook Had Contemplated Resignation During Sri Lanka Series

Ziggy | 17 Aug, 2014 05:32PM | Leave a comment
ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසුව එංගලන්ත කණ්ඩායමේ නායක ඇලිස්ටෙයාර් කුක් සිය නායකත්වයෙන් ඉවත්වීමට සූදානමින් සිටින බව එංගලන්ත කණ්ඩායමේ කළමනාකරණ අධ්‍යක්ෂක පෝල් ඩවුන්ටන් පවසයි.

බී.බී.සී. පුවත් සේවයට අදහස් දක්වමින් පෝල් පවසා ඇත්තේ, ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැති ටෙස්ට් තරගාවලියේ පරාජයෙන් පසුව කුක් නායකත්වයට සමුදීමට සූදානමින් සිටි බවයි.

එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග හතකින් සමන්විත එක්දින තරගාවලිය නොවැම්බර් 26 වැනිදා ආරම්භවීමට නියමිතය.

-Ada.lk