මිලිබෑන්ඩ්ගේ සුබ පැතුමට සිංහල ප්‍රජාවගේ කෝපය

Janaka | 01 Jan, 1970 12:00AM | Leave a comment
බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිංහල සහ දෙමළ ප්‍රජාවන් දෙකමටම සුබ පැතුම් පිරිනමද්දී බ්‍රිතාන්‍යයේ විපක්ෂ නායක දෙමළ ප්‍රජාවට පමණක් සුබ පැතීම බ්‍රිතාන්‍ය සිංහල ප්‍රජාවගේ දැඩි විවේචනයට ලක් වෙති.
බ්‍රිතාන්‍ය විපක්‍ෂ නායකයා වන කම්කරු පක්‍ෂ නායක එඩ් මිලිබෑන්ඩ් අන්තර්ජාලයට එක් කර තිබූ අලුත් අවුරුදු පණිවිඩයේ සඳහන් වන්නේ කම්කරු පක්‍ෂය කවදත් දෙමළ ජනතාවගේ මිතුරකු බවයි.

එඩ් මිලිබෑන්ඩ්
‘දෙමළ ප්‍රජාවේ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරන්නට මට අවශ්‍යයි. අපේ රට වෙනුවෙන් දෙමළ ප්‍රජාව සෑම ආකාරයකින්ම දක්වන ලද, විශ්වාස කළ නොහැකි මට්ටමේ දායකත්වය වෙනුවෙන් ඔබට ස්තුති කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා. කම්කරු පක්ෂය කවදත් දෙමළ ප්‍රජාවගේ මිතුරෙක් වුනා. ඉදිරියටත් එය එසේම වනු ඇති. ශ්‍රී ලංකාවේ සිදු වූ බවට චෝදනා එල්ල වන යුද අපරාධ සම්බන්ධයෙන් පූර්ණ හා ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා අපි තව දුරටත් බලපෑම් කිරීමට කටයුතු කරනවා. එය ජනාධිපති සිරිසේන හමු වූ අවස්ථාවේ දීත් මා විසින් මතු කරනු ලැබූ දෙයක්. අපි තවදුරටත් මෙය ඉදිරියට ගෙන යාම සඳහා කටයුතු කරනවා. ඔබේ අරමුණ වෙනුවෙන් අපි දිගටම කතා කරනවා.’ විපක්ෂ නායක එඩ් මිලිබෑන්ඩ් පවසයි.

https://www.youtube.com/watch?v=E2GkK1s2G5Q&feature=share

ඩේවිඩ් කැමරන්
කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයේ අගමැති ඩේවිඩ් කැමරන්ගේ අලුත් අවුරුදු ශුභාශිංසනය තුළ බ්‍රිතාන්‍යයේ ජීවත් වන සිංහල සහ දෙමළ ප්‍රජාවන් දෙකම එක හා සමානව සිහිපත් කර තිබේ. බ්‍රිතාන්‍ය වෙනුවෙන් සිංහල සහ දෙමළ ප්‍රජාවන් දෙකම දක්වනු ලබන දායකත්වය මෙහිදී අගය කිරීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා අතීතයට අයත් ප්‍රශ්න විසඳීම සඳහා ගෙන ඇති පියවර වෙනුවෙන් තම රජයේ සහයෝගය ලබා දෙන බවට පසුගිය දා ඔහු හමු වූ අවස්ථාවේ දැනුම් දුන් බව ඩේවිඩ් කැමරන් අගමැතිවරයා සිය පණිවුඩයේ සඳහන් කර තිබේ.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ සඳහා පූර්ණ සහාය ලබා දීමට රජය තව දුරටත් කටයුතු කළ යුතු බව තමන්ට පැහැදිලි බවත් ඔහු සඳහන් කරයි. අතීතයේ ඇති වූ හිත් වේදනාවන් තුනී කර ගැනීමට උදව් වන ආකාරයෙන් මෙම අලුත් අවුරුද්ද දෙපාර්ශවය සමීප කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ඩේවිඩ් කැමරන් අගමැතිවරයා සිය සුබ පැතුම් පණිවිඩයේ සඳහන් කර තිබේ.

සිංහල ප්‍රජාව
රිතාන්‍යයේ වෙසෙන දෙමළ ප්‍රජාවගේ ඡන්දය ලබා ගෙන බලයට පැමිණීමේ බලාපොරොත්තුවෙන් බ්‍රිතාන්‍යයේ විපක්ෂ නායක එඩ් මිලිබෑන්ඩ් අවස්තාවාදී ප්‍රකාශයක් කරා ඇති බව බ්‍රිතාන්‍ය.
‘අපි මේක දකින්නේ ඉතාමත් අවස්ථාවාදී, ප්‍රඥාගෝචර නොවන, අඥාන ප්‍රකාශයක් හැටියටයි. කම්කරු පක්ෂයේ නායක එඩ් මිලිබෑන්ඩ් මහතාගේ ප්‍රකාශය අප තරයේ හෙළා දකිනවා’ ඔහු කියා පැවසීය.
නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට අගමැති ධුරාපේක්ෂකයා ලෙස තරග වදින කම්කරු පක්ෂයේ නායක, විපක්ෂ නායක එඩ් මිලිබෑන්ඩ් විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශය හුදෙක් දේශපාලන වාසි තකා කළ ප්‍රකාශයක් බවයි බ්‍රිතාන්‍ය - ශ්‍රී ලංකා සංසදයේ සභාපති ජනක අලහප්පෙරුම වැඩිදුරටත් කියා සිටියේ.

Read Full Story - www.bbc.co.uk/sinhala/sri_lanka/2015/04/150414_miliband_cameron_new_year