නව ව්‍යවස්ථාවට විරුද්ධව ලන්ඩනයේ උද්ගෝෂණයක්

tmadawela | 19 Dec, 2016 09:30AM | Leave a comment
යෝජිත නව ව්‍යවස්ථාවට එරෙහි විරෝධතා උද්ඝෝෂණයක් මෙම මස 16 වන සිකුරාදා දහවල් 12.30 සිට සවස 4 දක්වා ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය අසලදීපැවැත්වින. අලුතෙන් පිහිටුවා ගන්නා ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්සත් රාජ ධානි ශාඛාව, බ්‍රිතාන්‍යයේ දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෝ, මව්බිම වෙනුවෙන් විදේශගත ශ්‍රී ලාංකිකයෝ, මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා එකමුතුව, ශ්‍රී ලංකා සහයෝගිතා සංවිධානය සහ ජාතික නිදහස් පෙරමුණ බ්‍රිතාන්‍ය ශාඛාව යන කණ්ඩායම් එකතුව සංවිධානය කර තිබු මෙම උද්ඝෝෂණය අවසානයේ ඔවුන්ගේ විරෝධතාවය දක්වා සන්දේශයක් මහ කොමසාරිස් කාර්යාලය වෙත බාරදී ඇත.
එමඟින් දක්වා ඇත්තේ නව වියවස්තාව මඟින් " ඊළමට පාර කපන පෙඩරල් ආණ්ඩු ක්‍රමයක් " ඇතිකරන බවයි. උද්ගෝෂණය සඳහා මහා සංඝරත්නයද විවිධ කණ්ඩායම් නියෝජනය කරමින් ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක්ද සහභාගී වුහ. පැමිණ සිටි සියලුදෙනා තිසරණ සහිත පංච ශීලයෙහි පිහිටුවා අනතුරුව උද්ගෝෂණය ආරම්භ කෙරුණි.
විරෝධතාවයට එක්වූ පිරිස් " රණවිරුවන් සිරගත කිරීම හෙලා දකිමු,වියවස්තා සංශෝදනය හකුලා ගනිව්, රණවිරු දඩයම නවත්වනු, දිනු දේශය රැක ගනිමු, ජනතාව අඬනවා සිරිසේන නටනවා, රණවිරුවන් දන්ගෙඩියට පරගැතියන් රජ පුටුවට " වැනි සිංහලෙන් සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ලියු පුවරු ඔසවා සිටිනු දක්නට ලැබුණි.
උද්ගෝෂණය පැවති අතරතුර රාජකාරි කටයුත්තක් සඳහා පිටත්ව යාම සඳහා මහ කොමසාරිස් අමාරි විජේවර්ධන මහත්මිය කාර්යාලයෙන් පිටතට පැමිණි වෙලේ උද්ගොෂණයට සම්බන්ධවූවන් මහ හඬින් සටන් පාට කීවද ඇයගේ ගමනට කිසිදු අවහිරතාවයක් නොකළ අතර උද්ගොෂණයට සම්බන්ධවූ සියලුමදෙනා උද්යෝගමත්වද විනීතවද හැසුරුන බවක්ද පෙනෙන්නට තිබුණි.
සංවිධායකයින් විසින් සුදානම් කර තිබු සංදේශය බාරදීම සඳහා මහ කොමසාරිස් කාර්යාලයට විශාල පිරිසක් ඇතුල්වීමට ගන්නාලද උත්සාහය එතැන මුර සේවයේ යෙදීසිටි බ්‍රිතාන්‍ය පොලිසියේ නිලධාරින් විසින් වලක්වා ලීමට ක්‍රියා කල අවස්ථාවේදී උණුසුම් තත්වයක් ඇතිවූ බවක් දක්නට තිබුණි. එවැනි ක්‍රියාදාමයකදී බ්‍රිතාන්‍යයේ පිළිගත් නිතිය වන්නේ කල්වේලා ඇතිව නම් ගම් සපයා නිසි අවසරලබාගත් සීමිත පිරිසකට පමණක් කාර්යාලයට ඇතුල්වීමට ඉඩලබාදිය හැකිබව පොලිස් නිලධාරීන් විසින් පහදා දුන් පසුව ඒ අවස්ථාවේදී පැනනැගුන ගැටලුව මිත්‍රශීලි ආකාරයට විසඳා ගැනීමට හැකිවී ඇත.

මෙය "මව්බිම වෙනුවෙන් කරන ජනතා උද්ගෝෂණයක්" බවද "විරෝධතාව කඩාකප්පල් කිරීම සදහා විදේශ ඇමති මංගල සමරවීර දැඩි උත්සාහයක නිරත වූ බවද" සංවිධායකයින් චෝදනා කළහ.