ගණිතයේ නොබෙල් ත්‍යාගය ඉන්දීය සම්භවයකට

Ziggy | 14 Aug, 2014 01:59PM | Leave a comment
ගණිතයේ නොබෙල් ත්‍යාගය ලෙස සැලකෙන කැනේඩියානු ෆීල්ඩ්ස් මෙඩ්ල් සම්මානයෙන් පිදුම් ලැබීමට ඉන්දීය සම්භවයක් ඇති ගණිතඥයෙකු සමත්ව ඇති බව බී.බී.සී.ය පවසයි.

මනුජූල් භාර්ගාවා නම් වූ ප්‍රින්ස්ට්‍රෝන් විශ්වවිද්‍යාලයේ කැනේඩියානු-ඇමෙරිකානු ජාතික මහාචාර්යවරයා මෙම ෆීල්ඩ්ස් මෙඩ්ල් සම්මානය දිනා ඇති සිවුදෙනාගෙන් දෙනෙකි.

ඒ අතර, ඉරානයේ උපත ලැබූ මැරියෑම් මිර්සාඛානිද සිටින අතර, එදාමෙදාතුර මෙම සම්මානයෙන් පිදුම් ලැබූ එකම කාන්තාව ඇය ලෙස සැලකෙයි.

සෑම වසර හතරකට වරක් දකුණු කොරියාවේ සෝල් නුවර පැවැත්වෙන, ගණිතඥයන්ගේ ජාත්‍යන්තර සමුළුවේදී මෙම සම්මාන ප්‍රදානය සිදුවෙයි.

-Ada.lk