Pope Francis poses for 'selfie' in South Korea

Ziggy | 18 Aug, 2014 08:25AM | Leave a comment
දකුණු කොරියාවේ සංචාරයක නියුතු පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් සිදුකළ විශේෂ දේව මෙහෙයකට මිලියනයකට වැඩි බැතිමතුන් පිරිසක් සහභාගී වූ බව සෝල් නුවරින් වාර්තා වෙයි.

දශක දෙකකට පෙර ආගම ඇදහීමේ වරදට මරා දැමුණු කොරියානුවන් 124 දෙනා සැමරීම සඳහා මෙම විශේෂ දේව මෙහෙය පවත්වනු ලැබූ අතර, එසේ වරදකරුවන් බවට නම් කළ එම කතෝලික බැතිමතුන් පිරිස ප්‍රසිද්ධියේ මරා දැමීම සඳහා පෙරහරින් රැගෙන ආ සෝල් නුවර ප්‍රධාන මාවතේ ඇති ග්වන්ගවමුන් ප්ලාසා හිදී මෙම දේව මෙහෙය පැවැත්විණි.

1989 වසරින් පසු පාප් වහන්සේ නමක් කොරියාවේ සංචාරය කරන ප්‍රථම අවස්ථාව මෙය වෙයි.

දකුණු කොරියානු සංචාරයේදී තරුණ සහභාගීත්වයෙන් පැවති විශේෂ රැස්වීමක් ආමන්ත්‍රණය කළ පාප් වහන්සේ අවධාරණය කර සිටියේ, උතුරු කොරියාවත් සමග එක්වීම පතා යාඥා කරන ලෙසයි.

-ada.lk