May Dhamma Serman Series - වෙසක් මාසයට ධර්මදේශනා 2021
Wed 05 May 2021

May Dhamma Serman Series - වෙසක් මාසයට ධර්මදේශනා 2021

Organized by Sri Sambodhi Community Development Foundation

Religious
Date & Time 05 May, 2021 @ 10:00AM - 11:00AM
Organizer Sri Sambodhi Community Development Foundation

About This Event

වෙසක් මාසය (මැයි) 2021 (2564/65) වෙසක් මාසයට (මැයි) ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයෙන් සංවිධානය කර තිබෙන ධර්මදේශනා (වැඩසටහන් සිංහල භාෂාවෙන් පවත්වනු ලැබේ) සැදැහැවතුනි, අපගේ Zoom ධර්ම දේශනා මාලාවට ඉතා උනන්දුවෙන් ශ්‍රද්ධාවෙන්, දහම් මඟ වඩා ගැනීමේ උදාර පරමාර්ථය පෙරදැරි කරගෙන ඊට සම්බන්ධවන බව ඔබ හැමගේම පණිවිඩ වලින් සහ සහභාගිත්වයෙන් අපට පැහැදිලි වන හෙයින්, තවදුරටත් ඒ කටයුත්ත කරගෙන යාමට එය අපහට ඉමහත් ශක්තියක් බව මුලින්ම කියන්න කැමතියි. ඔබ සැමදෙනාටම අප ගෞරව පූර්වකව ඊට පුණ්‍යානුමෝදනා කර සිටිනවා. ඉදිරියේදි සංවිධානය කර තිබෙන ධර්මදේශනා කිහිපයක් පිළිබඳව දැනුම් දීමටද මෙය අවස්ථාවක් කරගන්නවා. පූජ්‍යපාද සීලගම ඤාණසිරි හිමි විසින් සෑම සතියකම සෙනසුරාදා දින පෙ.ව. 10.00 භාවනා කමටහන් ඇතුලත් ධර්මදේශනා වැඩසටහනක් පැවත්වෙයි; (උපදෙස්- මිනිත්තු 15, භාවනා - මිනිත්තු 45, සාකච්ඡා - මිනිත්තු 30 දක්වා). එයට ඔබටත් පහත සඳහන් සබැඳියෙන් සහභාගිවිය හැක. ධර්ම දේශනාවන්/භාවනා:
  • මැයි 05 බදාදා පෙ.ව. 10.00 - පූජ්‍යපාද පලුගස්වැවේ සද්ධාතිස්ස හිමි (දායකත්වය භාරගෙන ඇත)
  • මැයි 10 සඳුදා පෙ.ව. 11.00 - පූජ්‍යපාද අපරැල්ලේ සෝරත හිමි (දායකත්වය භාරගෙන ඇත)
  • මැයි 13 බ්‍රහස්පතින්දා පෙ.ව. 10.00 - පූජ්‍යපාද අලව්වෙ අනොමදස්සි හිමි (දායකත්වය භාරගෙන ඇත)
  • මැයි 19 බදාදා පෙ.ව. 10.00 - පූජ්‍යපාද පලුගස්වැවේ සද්ධාතිස්ස හිමි (දායකත්වය භාරගෙන ඇත)
  • මැයි 24 සඳුදා පෙ.ව.11.00 - පූජ්‍යපාද අපරැල්ලේ සෝරත හිමි (දායකත්වය භාරගෙන ඇත)
  • මැයි 26 බදාදා වෙසක් පොහෝ දින පෙ.ව. 9.30 පූජ්‍යපාද සීලගම ඤාණසිරි හිමි
  • මැයි 26 බදාදා වෙසක් පොහෝ දින ප.ව. 2.00 පූජ්‍යපාද අපරැක්කෙ ධම්මානන්ද හිමි
  • මැයි 26 බදාදා වෙසක් පොහෝ දින ප.ව. 4.30 පූජ්‍යපාද දැලිවල බුද්ධරක්ඛිත (දායකත්වය භාරගෙන ඇත)
  • මැයි 27 බ්‍රහස්පතින්දා පෙ.ව. 10.00 - පූජ්‍යපාද පානදුරේ චන්දරතන හිමි (දායකත්වය භාරගෙන ඇත)
  • මැයි 30 ඉරිදා, වෙසක් පෝය අට්ඨාංග උපෝසත සිලය, පෙ.ව. 9.30 - පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීපහිමි (දායකත්වය භාරගෙන ඇත)
  • මැයි 30 ඉරිදා, වෙසක් පෝය අට්ඨාංග උපෝසත සිලය ප.ව. 2.30 - පූජ්‍යපාද අපරැක්කෙ ධම්මානන්ද හිමි
  • මැයි 01, 08, 15, 22, සහ 29 සෙනසුරාදා පෙ.ව. 10.00 - පූජ්‍යපාද සීලගම ඤාණසිරි හිමි (භාවනා කමටහන් ඇතුලත් ධර්මදේශනාවන්) (01, 08 සහ 15 දායකත්වය භාරගෙන ඇත)
ධර්ම දේශනා/භාවනා සඳහා දායකත්වය මැයි සහ ජූනි මාසවලට භාරගැනීමට ද පින්වත් පිරිසට අවස්ථාව ඇතිබවත් සිහිපත් කරමි. අනුග්‍රහය දැක්වීම සඳහා ඩොන් රත්නායක හෝ සුජිත් දිසානායක අමතන්න. නැවතත් ඉහත දිනයන් ආසන්නයේ ඔබ සමූහයට සිහිපත් කරමින් පණිවිඩයක් WhatsApp* හරහා දැමීමට ද බලාපොරොත්තු වන බව දන්වමින් ඔබ සැමට මේ ඝෝර, කටුක භව ගමන නිමාකරගැනීමට මේ සියළු කුසල් හේතුවේවා කියා නැවතත් පුණ්‍යානුමෝදනා කර සිටිනවා. ඒ අමතරව සෑම සෙනසුරාදා දිනකම සම්බෝධි පූජාවක්ද, සෑම ඉරිදා දිනකම ගිලන්පස සම්බුද්ධ පූජාවක් සහ පිරිත් දේශනාවක්ද (පිරිවානා පොත් වහන්සේගෙන් සූත්‍ර 2කක්) සවස 6.30ට, පූජ්‍යපාද අපරැක්කෙ ධම්මානන්ද හිමි විසින් පැවැත්වේ. ඒ වාගේම සතියේ අනික් දිනවල සවස 6.30ට ගිලන්පස සම්බුද්ධ පූජා‌වෙන් පසු පැයක් පමන කාලයක් ස්වාමීන්වහන්සේ විසින් තුන් සූත්‍රය සහ ජය පිරිත සජ්ජායනය කරනවා ඇත. ධර්මදේශනාවලට සහ සම්බුද්ධ පූජාවට සම්බන්ධ වීමට පහත සබැඳිය ක්ලික් කරන්න. https://zoom.us/j/93769545915?pwd=TVBGNlFGL0p3UXlQT2taREVTMEVnZz09 Meeting ID: 937 6954 5915 Passcode: 091852 *ඔබ ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්තානයේ WhatsApp සමූහයට සම්බන්ධ වීමට කැමති නම් ඩොන් රත්නායක හෝ සුජිත් දිසානායක හෝ ශ්‍රි සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්තානය අමතන්න ඔබ සැමට තෙරුවන් සරණයි! 🙏🙏🙏 ශ්‍රි සම්බෝධි භාවනා මධ්‍යස්තානය විද්යුත් තැපෑල: info@srisambodhi.org.uk; අන්තර්ජාලයේ පැතිකඩ: www.srisambodhi.org.uk

Have an Upcoming Event?

Share your event with the Sri Lankan community and reach thousands of potential attendees