2013 December 31st Night At Mahamevnawa
ලන්ඩන් නුවර මහමෙව්නා භාවනා අසපුවේ මහා සංඝරත්නය මෙහෙයවූ සත්බුදු වන්දනාව සහ භාවනා වැඩ සටහනක් 2013 වසරේ අවසන් රාත්‍රිය මුළුල්ලේ වොට්ෆර්ඩ් නගරයේදී පැවැත්විණි.
ලන්ඩන් මහමෙව්නා අසපුවේ දැනට හිමිවරු හතර නමක් වැඩසිටිති. පසුගිය වසරේ අවසන් රාත්‍රිය පහන් වනතුරු පැවැත්වුන බුද්ධ පුජා, සත්බුදු වන්දනා, භාවනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සහ පිරිත් දේශන පැවැත්විණී.බැතිමතුන් සංඛාවක් සහභාගීවුහ.සත්බුදු වන්දනාව මඟින් මෙම භද්‍ර කල්පයේ ලොව පහළවී වදාළ කාශ්‍යප, කෝණාගමන, කකුසඳ,වෙස්සභු,සිඛී, විපස්සී සහ ගෞතම යන බුදුරජානන් වහන්සේලාගේ ගුණ සමුදාය මෙනෙහිකරමින් වන්දනා කැරිණි.දෙසැම්බර් 31 වෙනිදින සවස 6.30 ට ආරම්භවු පිංකම අවසන් වුයේ ජනවාරි පළමුවැනිදා උදේ 7.30 ටය.පිංකමට සහභාගීවූ සියලුම සැදැහැවතුන් වෙත රාත්‍රී භෝජනය ඇතුළු අවශ්‍ය ආහාර පානාදිය සපයනු ලැබිය.සියලුම දෙනාහට පිරිත් පැන් සහ පිරිත් නුල් ලබාදී නවවසරට තෙරුවන ආශීර්වාදය ප්‍රාර්ථනා කරනු ලැබිය.
Like us for more Sri Lankan AWESOMENESS - www.fb.com/apisrilankan
This album is hosted on Facebook. Click below to view all photos in the album.
View Album on Facebook