"මිහිඳු සඳ" පොසොන් කළාපය 2014
මහින්දාගමනය සිදුවූ පින්බර පොසොන් මංගල්‍යය එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ඉතාම ඉහලින් සැමරීමට "මිහිඳු සඳ" නමින් පොසොන් කළාපයක් මේ වනවිට ලහි ලහියේ සූදානම් වෙමින් පවතී. බොහෝ බෞද්ධාගමික කටයුතු මෙරට බෞද්ධ විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් සිදු වූවත්, "මිහිඳු සඳ" පොසොන් කළාපය විහාරස්ථානයක අනුග්‍රහයක් නොමැතිව සංවිධානය වීම විශේෂත්වයකි. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේදී පොසොන් උත්සවය සැමරීමේදී විවිධාකාර අංග ගණනාවක් එහි අලංකාරත්වය ත්‍රීව්‍රර කිරීමට එක් කර ගත්තත් එංගලන්තයේදී ඒ සඳහා ඇති ඉඩකඩ සීමා වීම නොවැළැක් විය හැක. ඒ සඳහා විව්ධ හේතු කාරණා බලපාන බව අප කවුරුත් හොඳින් දන්නා කරුණකි.
විශේෂයෙන් මෙරට වෙසෙන බොහෝ දෙමාපියන්ට සහ පාසල් වයසේ පසුවන දරුවනට අත් විඳින්නට සිදුවන ඛේදවාචකයක් නම් වෙසක් සහ පොසොන් උළෙල ශ්‍රී ලංකාවේදී එලෙසින්ම දැක බලා ගන්නට එහි යාමට අවස්ථාව නොලැබීමයි. එයට මූලිකම හේතුව නම් මෙ රටේ පාසල් වල වසරාවසාන විභාග පැවැත්වෙන්නේ එම කාල වකවානුවේ වීමය. මේ හේතුවෙන් අපේ දේ අපේ දරුවනට එලෙසින්ම දැක බලා ගන්නට ලැබෙන අවස්ථාව මග හැරී යයි. මේ සියල්ල සැලකිල්ලට ගනිමින් "මිහිඳු සඳ" සංවිධායක මණ්ඩළය යට කී කාරණා සියල්ල අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකාවේදී අප දකින පොසොන් උත්සවයක් මෙන් ඉතා උසස් මට්ටමකින් සියළුම දෑ එක් කොට ඔබ වෙතට ගෙන එන්නට මෙවර සූදානම්.
බුද්ධ චරිතය පිළිබිඹු කෙරෙන දර්ශණීය තොරණ, විචිත්‍රවත් පහන් කූඩු සහ සැරසිළි, දන්සැල, බැති ගී ගයනා සහ මිහින්තලා අනුරුව ආදී බොහෝ දෑ "මිහිඳු සඳ" පොසොන් කළාපය තුලින් දැක බලා ගත හැක. විශේෂයෙන් කුඩා දරුවනට පොසොන් උත්සවය සහ එහි ඇති වැදගත්කම විස්තර කෙරෙන පරිදි විශේෂ ධර්ම දේශණයක් සහ තොරණේ විස්තරය ඉංග්‍රිසි බසින් විස්තර කිරීමටත් කටයුතු යොදා ඇත.
ලන්ඩන් නුවරින් මඳක් බැහැර Watford ප්‍රදේශයේ Woodside Community Centre, 48 The Brow, Garston, Watford WD25 7ET හිදී මේ මස 16 වෙනි ඉරිදා සවස 5.00 සිට 10.30 දක්වා මෙය පැවැත්වෙන අතර සැබෑ පොසොන් උළෙලක සිරි අසිරි විඳ ගන්නට ඔබේ පවුලේ අය සහ සිත මිතුරන් සමඟ එක්වන මෙන් සංවිධායක මණ්ඩළය බැති සිතින් ආරාධනා කර සිටී. වැඩි විස්තර සඳහා 07939030252, 07712519780 අංකයන් ඇමතීමෙන් ලබා ගත හැක.
This album is hosted on Facebook. Click below to view all photos in the album.
View Album on Facebook