එංගලන්තයේ ටැක්සි රථ වල ශ්‍රී ලංකා ප්‍රචාරණයක්
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීම මත ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන අන්තර්ජාතික සංචාරක ප්‍රවර්ධන වැඩසටහන යටතේ එක්සත් රාජධානිය තුළ ටැක්සි (කුලි රථ) 450ක් යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණයන් ප්‍රචාරණය කිරීමේ වැඩසටහනක් පසුගියදා ආරම්භ කෙරිණි. ඒ අනුව, මෙම කුලී රථ අතුරෙන් කුලී රථ 300ක් ලන්ඩන් නගරයේදී ශ්‍රී ලංකා ප්‍රචාරක සන්නාමයන් සහිතව ධාවනය එක්කරනු ලැබිණි.
මේ අයුරින් ධාවනයට එක් ටැක්සි රථවල දොර දෙපස, ආසනවල පිටුපස හා ටැක්සි රිසිට්වල ශ්‍රී ලංකාවේ නාමය හා සංචාරක ආකර්ෂණයන් මගින් වර්ණවත් වී ඇත. මේ අනුව, 2014 වසර තුළදී එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, දකුණු කොරියාව, ජපානය යන රටවල් කේන්ද්‍ර කරගනිමින් ටැක්සි රථ 1,200ක් යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණයන් එම රටවල්වල ප්‍රචාරණය කිරීමට සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය බලාපොරොත්තු වන බව කියයි.
මෙය ශ්‍රී ලංකා සංචාරණය මගින් මෙතරම් විශාල ටැක්සි රථ ප්‍රමාණයක් යොදා ගනිමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව ප්‍රවර්ධන කරනු ලබන ප්‍රථම අවස්ථාව බවද ඔවුන් පෙන්වා දෙයි.
Photography by Praneeth Hettiarachchi & Asanka Wanniarachige
This album is hosted on Facebook. Click below to view all photos in the album.
View Album on Facebook