APISRILANKAN
APISRILANKAN Open in app for the best experience
FREE on the App Store
APISRILANKAN
APISRILANKAN Open in app for the best experience
FREE on Google Play
APISRILANKAN Sri Lankan Community UK

📱 Scan to open this page in the app

Download on the
App Store
Get it on
Google Play

Homepage
  • Home
  • News
    Latest News
    Community News (UK) Sri Lanka News
  • Events
    Upcoming Events Our Media Coverages
    Past Events (Archives)
  • Our Community
    Community Home
    Business Directory Marketplace Sri Lankans in UK - Forum
  • Get in Touch
    Get the App
    Contact Us
    About Us Our Services Advertising FAQ
Back to Gallery
WESAK DAY AT LONDON BUDDHIST VIHARA
Facebook Album

WESAK DAY AT LONDON BUDDHIST VIHARA

21 May 2014 54 photos

පිටසක්වලට තෙරුවන් සරණ පතන දිනය අත ළඟයි
මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ කියයි.

පිටසක්වල ජීවීන් හඳුනාගෙන ඔවුනට තෙරුවන් සරණ ලැබේවා යැයි ප්‍රාර්ථනා කිරීමේ අවස්තාව පෘථිවී ලෝකයේ ජීවත්වන අයට වැඩිකල් නොගොස් උදාවිය හැකිබව ප්‍රකට තාරකාවිද්‍යාඥයෙකු වන මහාචාර්ය වික්‍රමසිංහ පැවසීය. ඔහු මෙම අදහස් පලකලේ පසුගිය ඉරිදා ලන්ඩන් බෞද්ධ විහාරයේ පැවති වෙසක් උත්සවයේදී විශේෂ දේශනයක් පැවැත්වූ අවස්ථාවේදීය.
එම දේශනයේදී ඔහු අංගුත්තර නිකායේ බුදුන්වහන්සේ වදාළ දේශනාවන් තුල විශ්ව සම්භවවේදය පිළිබඳව විවරණය කර ඇති බොහෝ කරුණු සහ පසුගිය වසර පනහක් පමණ වන කාලපරාසයක් තුල බටහිර තාරකා විද්‍යාඥයින් විසින් නවීන විද්‍යාව යොදා ගනිමින් සොයාගෙන ඇති සිද්ධාන්ත අතර විශාල සමානකමක් දැකිය හැකිබව පෙන්වා දුන්නේය.
වික්‍රමසිංහ මහතා තවදුරටත් මෙසේද පැවසීය "බටහිර ජන සමාජය කාලාන්තරයක් තිස්සේ විශ්වාශ කලේ අපගේ සෞරග්‍රහ මණ්ඩලය පෘතුවිය වටා භ්‍රමණය වන බවයි. පෘතුවිය සුර්යයා වටා භ්‍රමණය වන බවට කල සොයා ගැනීම් අවලාද ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබුවා. අද මෙම සිද්ධාන්තය කුඩා දරුවකු පවා දන්නා සත්‍යයක් බවට පත්වී තිබෙනවා.
අද වනවිට විද්‍යාඥයින් චන්ද්‍ර ග්‍රහයා මතුපිටට කිහිප වතාවක්ම මිනිසුන් ගොඩ බැස්සවීමටත් අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇති අනෙකුත් සියලුම ග්‍රහලෝකයන් වෙත පරීක්ෂණ යාන යැවීමට සමත්වී සිටිනවා. මේ එකම තැනකවත් අද දවසේ පෘතුවියේ වැනි ජීවීන් ඇතිබවක් පෙනෙන්නට නැහැ. අපගේ සෞරග්‍රහ මණ්ඩලය අයත්වන ක්ෂීරපථහි අනන්ත අප්‍රමාන සුර්යයන් ගෙන් ආලෝකමත් වන වෙනත් ග්‍රහලෝක ඇතිබවත් ඉන් බැහැරව විශ්වය පුරා එවැනි හෝ ඊටත් වඩා පුළුල් මන්දාකිනි විශාල ප්‍රමාණයක් ඇති බවත් දැන් සාක්ෂි සහිතව සොයාගෙන තිබෙනවා. මේ අතර පෘතුවියට සමානකම් පෙන්වන එවැනි වායුගෝල,ජලය සහ ගුරුත්වාකර්ෂණයක් සහිත ග්‍රහතාරකා බොහෝ ගණනක් ඇති බවත් ඒවායේ පෘතුවියට සමාන හෝ ඊට වඩා දියුණු ජීවීන් සිටිය හැකිබවත් අනුමාන කරනුලබනවා.
පෘතුවියත් අනෙකුත් ග්‍රහලෝකත් අතර ඇති සිතන්නට බැරි තරම් විශාල දුරප්‍රමාණය මෙම නිරීක්ෂණයන් පැවැත්වීමේදී මිනිසා මුහුණ දෙන ප්‍රභලම ගැටලුව බවට පත්වී තිබෙනවා. මතු යම් දවසක මෙම ගැටලුවට නිසි විසදුම් සොයාගන්නට හැකිවේවි.
බුදුදහම අද ආගමක් ලෙසට පත්ව ඇතත් බුදුරජානන් වහන්සේ පෙන්වා දුන් කරුණු අදාළ වන්නේ බෞද්ධයන් හට පමණක් නොවන බව පෙන්වාදීම වැදගත් වනවා. උන්වහන්සේ පෙන්වාදුන්නේ විශ්වයේ පවත්නා සත්‍ය තාවය මිස අලුතින් සොයාගත් ධර්මයක් නොවේ.
බුදුන් වහන්සේ පවසා ඇති කරුණු විශ්ලේෂණය කරනවිට සහශ්‍රී ලෝකධාතු, සහශ්‍රී චුලනිකා ලෝකධාතු, සහශ්‍රී මජ්ජමිකා ලෝකධාතු සහ මහා සහශ්‍රී ලෝකධාතු වැනි දේ තුලින් අප්‍රමාන සුර්යයන් සහ ඒවායින් ජීවය ලබන අප්‍රමාන ආකාශ වස්තු ඇති බවත් ඒ අතර අප්‍රමාන පෘතුවි ලෝකයන් ඇති බවත් පැවසෙන බව පෙනියනවා. සිත ඇති කය නැති කය ඇති සිත නැති වැනි සත්ව විශේෂයන් පිළිබඳවත් සමහර සුත්‍ර දේශනා වන්හි සඳහන්වී තිබෙනවා.වර්තමානයේ බටහිර විද්‍යාඥයින් පවත්වන පරීක්ෂණ වලින් පෙනියන්නෙත් මේ සත්‍ය තාවයමයි."
මේ සියලු දේශනාවන් එළිදැක්වුණේ මීට වසර 2600 කටත් වඩා පෙර කාලයකදී බුද්ධිය ඉහල මට්ටමකට දියුණුකර ගැනීම තුලින් බවත් මෙම අදහස් වර්තමානයේ නවීන විද්‍යාව තුලින් සොයාගෙන ඇති තොරතුරු තුලින් සත්‍ය බවට සනාත කල හැකි බවත් මහාචාර්ය වරයා පැවසීය.
විශ්වයේ වෙනත් අභිඤ්ඤා සම්පන්න ජීවීන් සිටිනවාද කියා සොයා බැලීම සඳහා වර්තමාන බටහිර තාරකාවිද්‍යාඥන් ප්‍රමුඛත්වයක් දෙමින් ක්‍රියා කරනු පෙනෙන්නට ඇති නිසා වැඩිකල් නොගොස් මේ සම්බන්ධ නිශ්චිත තොරතුරු සොයා ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කල හැකි බැවින් ඉදිරි කාලයකදී පිට සක්වල ජීවීන්හට තෙරුවන සරණ පැතීමේ අවස්ථාවක්ද උදාවනු නොඅනුමාන බවද ඔහු සඳහන් කළේය.
සුප්‍රකට ගණිතඥයකු සහ තාරකාවිද්‍යාඥයෙකු වන මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ දැනට එංගලන්තයේ බකින්හැම් තාරකාවිද්‍යා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක වරයෙකු වශයෙන් කටයුතු කරයි.
ලන්ඩන් බෞද්ධ විහාරයේ වෙසක් පිංකම පසුගිය සති අන්තයේදී පවත්වනු ලැබීය. සෙනසුරාදා දහම් පාසල් සිසු සිසුවියන් සීල සමාදානයේ යොමුකළ විශේෂ වැඩසටහනක් පැවැත්වින. ඉරිදා පිංකම ආරම්භ කෙරුනේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් විසින් බෞද්ධ කොඩිය එසවීමෙන් පසුවය. එදින දායක දායිකාවන් 200 ක් පමණ සිල් සමාදන්වුහ. දවස පුරාම බුද්ධ පුජා, ධර්ම දේශනා, ධර්ම සාකච්චා සහ භාවනා වැඩසටහන් පවත් වනු ලැබිය. සවස භක්තිගීත ගායනයක්ද පැවැත්විණි.
මෙවර පින්කමේ වැඩකටයුතු සඳහා දායකවුනු උදව් උපකාර කල සියලුම දෙනාහට විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය බෝගොඩ සීලවිමල හිමියෝ පුන්යානුමොදන කළහ.

Share this Album
Facebook Messenger X WhatsApp
Viewing photos is faster & smoother in our app
Open in App

This album is hosted on Facebook. Click below to view all photos in the album.

View Album on Facebook
Get the free app Download on theApp Store Get it onGoogle Play Learn more

About

Get the App
About Us
Our Services
Advertising
Contact Us
FAQ
Terms & Conditions
Disclaimer
Privacy Policy

News

Latest News
Community News (UK)
Sri Lanka News
World News
Sports News

Events

Upcoming Events
Religious
Charity/Fundraising
Dinner Dance
Past Events (Archives)
Our Media Coverages

Community

Community Home
Business Directory
Marketplace
Sri Lankans in UK Forum
Copyright ©2013-2026. All rights reserved.
Developed by Praneeth Hettiarachchi