එක්සත් රාජධානියේ පින්වතුන් හට ලංකාද්වීපයේ සිට වැඩමවා වදාළ, භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් ධාතූන් වහන්සේලා දැක බලා වන්දනා කර ගැනීමේ දුර්ලබ අවස්ථාවක් මහමෙව්නාව බැසිල්ඩන් භාවනා අසපුවේ දී පසුගිය දෙසැම්බර් මස 26 දින උදාවිය.
උදෑසන 7 දී පෙරහැරෙන් වැඩම කළ වදාළ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සත් නමක් එදින පස්වරු 9 තෙක් ගිහි පින්වතුන් විසින් සංවිධානය කළ මල් පූජා, ව්‍යංජන 32ක් සහිත බුද්ධ පූජාව, ගිලන්පස පූජා, ශබ්ධ පූජා ආදි වු විවිද පූජාවන් වලින් පිදුම් ලබන ලදි.
පින්වත් ස්වාමීන් වහන්සේලාගේ මගපෙන්වීමෙන් ගිහි පින්වතුන්ට අවබෝධයෙන්ම ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඳ පුදා ගැනීමට අවස්ථාව සළසා තිබුණු අතර, එ දවස පුරාවට සහභාගීවු පින්වතුන් පන්සියයකට නොඅඩු පිරිසට කඩල දන්සැල්, තේ පැන් දන්සැල්, බත් දන්සැල් ද සංවිධානය කර තිබුණි. ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා නව වසරේ පෙරළා ලංකාද්වීපයට වැඩමවන ලදි.
සියල්ලෝ සතුටු සිතින් පිං අනුමොදන් වේවා!
Admin
Contributing writer at API Sri Lankan, bringing you the latest news and stories from the community.