බ්‍රිතාන්‍යයේ ධනවත්ම සියදෙනා අතර සිටින සිංහල ව්‍යාපාරිකයා / Sri Lankan-born London's top restaurant king

Admin | 23 Oct, 2016 02:06AM | Leave a comment

Sri Lankan-born London's top restaurant king





Des Gunewardena is CEO of D&D London, a group of household name restaurants, bars and hotels with a turnover of £100million and 2,000 employees.

&D London owns and operates 35 restaurants, including the Michelin-starred Angler, the Bluebird and the Pont de la Tour, plus an award-winning hotel.

The venues are based mainly in London, but also include the Crafthouse and Angelica in Leeds, as well as venues in Paris, New York and Tokyo.

Sri Lankan-born Gunewardena qualified as a chartered accountant in 1981, before going into business.

He was CEO of the Conran group for 11 years, prior to leading a buyout of the restaurant business, which completed in 2013. This is now the hugely successful D&D group of restaurants.

Overall ranking: 19 (ranked 34 in 2011)
Restaurateur ranking: 5 (ranked 11 in 2011)



බ්‍රිතාන්‍යයේ ධනවත්ම සියදෙනා අතර සිටින සිංහල ව්‍යාපාරිකයා





ලන්ඩනයේ ආපනශාලා රජු වශයෙන් සැලකෙන්නේ ශ්‍රී ලාංකිකයකු බව පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

ලන්ඩනයේ ඉහළ පැලැන්තියේ ආපනශාලා 34ක් මෙන්ම නිව්යෝර්ක්, පැරිස්, තෝකියෝ ආදී ලෝකයේ ප්‍රසිද්ධ නගර ගණනාවක තවත් හෝටල් කිහිපයක්ද ඇතුළත් ආපනශාලා ජාලයක හිමිකරු වන මොහු මේ දිනවල එංගලන්තයේ ආන්දෝලනාත්මක පුවත් මවන්නකු බවටද පත්ව සිටින බවයි වාර්තා වන්නේ.

ඩෙස් ගුණවර්ධන නම් වන මේ 53 හැවිරිදි ව්‍යාපාරිකයා ශ්‍රී ලංකාවේ ඉපිද මෙරට පාසලකින් මූලික අධ්‍යාපනය ලබා පසුව එංගලන්තයේ පදිංචියට ගිය තැනැත්තෙක් වනවා.

එංගලන්තයේදී වැඩිදුර අධ්‍යාපනය ලැබූ ඩෙස් 1981දී අර්නස්ට් ඇන්ඩ් යංග්හි වරලත් ගණකාධිකාරිවරයකු වශයෙන් වෘත්තීය ජීවිතය අරඹා ඉන්පසු 1991දී කොන්රන් හෝල්ඩිංග්ස් සමූහ ව්‍යාපාරයට සම්බන්ධ වී තිබෙනවා.

ලන්ඩනයේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු වන ශ්‍රීමත් ටෙරන්ස් කොන්රන්ට අයත් මෙම සමාගමේ අවුරුදු 11ක සේවයෙන් පසු ඉන් ඉවත්ව ඇත්තේ හෝටල් ජාලයෙන් කොටසක් මිලදී ගනිමිනි.

ගුණවර්ධන තවත් යහළුවකු සමග D&D නමින් හෝටල හා ආපනශාලා ව්‍යාපාරයක් පවත්වා ගෙන යන අතර ලෝක ප්‍රසිද්ධ Le Pont De La Tour, Blue Pring, Lavceston Place, Sky Low Meea ආපනශාලා සියල්ලේම හිමිකරුවා ඔහු බවයි වාර්තා වන්නේ.

ඔහු යටතේ 2000ක සේවක පිරිසක් වැඩ කරන අතර වාර්ෂික ආදායම පවුම් මිලියන සියයක් පමණ වනවා.

වයස 24ක දියණියක් හා වසර 22ක පුතකුද සිටින ඔහුගේ නම 2015 ලන්ඩන් ටයිම්ස් පත්‍රය නිකුත් කළ බ්‍රිතාන්‍යයේ ධනවත්ම සියදෙනාගේ ලැයිස්තුවේ ද සඳහන් වනවා.