APISRILANKAN COVERAGE

'Akuru Maki Naa' in London - Edward Jayakody & Charitha Priyadarshini (Book Tickets Online)

16 May, 2015 @ 06:30PM - 10:00PM | Organized by International Buddhist Relief Organisation ( IBRO ) & BirminghamBuddhist Maha Vihara Dayaka Sabhawa
Date & Time
16 May, 2015 @ 06:30PM - 10:00PM
Venue
Manor Sports Hall, Oakington Manor School, Oakington Manor Drive, Wembley, HA9 6NF
Organizer
International Buddhist Relief Organisation ( IBRO ) & BirminghamBuddhist Maha Vihara Dayaka Sabhawa
Tickets
5|25|50
ජනප්‍රිය සම්මානලාභී ගායක විශාරද එඩ්වඩ් ජයකොඩි සමග විශාරද චරිතා ප්‍රියදර්ශනී සහභාගී වන "අකුරු මැකී නෑ" සංගීත ප්‍රසංගය මැයි මස 16 වන සෙනසුරාදා ලන්ඩනයේ වෙම්බ්ලි හි ඕකින්ටන් මැනාර් පාසල් ශ්‍රවනාගාරයේදී සවස 6.30 සිට රාත්‍රී 10.00 දක්වා පැවැත්වේ. මෙහි දෙවන ප්‍රසංගය "මාරම්බරී" ලෙසින් මැයි 17 වන ඉරිදා සවස 4.00 සිට රාත්‍රී 8.00 දක්වා බර්මින්හැම් ඇස්ටෝන්හි "ද ඩ්‍රම්" ශාලාවේදී පැවැත්වේ. මෙහිදී ලන්ඩන් ප්‍රසංගය සුවිශේෂී වන්නේ එඩ්වඩ් ඔහුගේ සංගීත දිවියේ මෙතෙක් ගැයූ ජනප්‍රියම ගීත එකතුවක් එහි ගායනා කිරීමයි.

බර්මින්හැම් හිදී "මාරම්බරී" ප්‍රසංගයේ ජනප්‍රිය ගීත ගායනා කෙරේ. මෙය එඩ්වඩ් මේ වන විට ලොවපුරා පවත්වන ජනප්‍රිය සංගීත ප්‍රසංගයකි. සැමදාම ලන්ඩනයට පමණක් සීමා වන මෙවැනි ප්‍රසංග එඩ්වඩ් වැනි ජනප්‍රිය ගායකයෙකු විසින් ලන්ඩනයෙන් පිටත උතුරු එංගලන්තයේ පවත්වන්නේ මෑත ඉතිහාසයේ ප්‍රථම වතාවටයි. එබැවින් මෙය කවෙන්ට්‍රි, ලෙස්ටර්, මැන්චෙස්ටර්, නොටින්හැම්, ලීඩ්ස්, නිව් කාසල්, ලිවර් පූල් මෙන්ම ස්කොට්ලන්තය වැනි ප්‍රදේශවල ජීවත් වන ශ්‍රී ලාංකික ගීත ලෝලීන්ට මහඟු අවස්තාවකි.

මෙම සංචාරයේදී සංගීතය සැපයීමට එඩ්වඩ් සමග ශ්‍රී ලංකාවෙන් දක්ෂ ශිල්පීන් කිහිප දෙනෙකුම එංගලන්තයට පැමිණීමට නියමිතයි. ප්‍රසංග දෙකින්ම උපයන සියලු මුදල් අභිනවයෙන් ඉදිවන බර්මින්හැම් බෞද්ධ මහා විහාරයේ විහාර ගොඩනැගිලි අරමුදලට බැර කෙරේ. බර්මින්හැම් බෞද්ධ මහා විහාරයේ දායක සභාවත් ජාත්‍යන්තර බෞද්ධ සහන සංවිධානයත් මෙම ප්‍රසංග දෙකම සංවිධානය කරනු ලබයි.

London Show: අකුරු මැකී නෑ- මාරම්බරී නොගැයූ ජනප්‍රිය ගීත එකතුව, විශාරද එඩ්වඩ් ජයකොඩි සමග විශාරද චරිතා ප්‍රියදර්ශනී
Date: 16th May 2015
Time: 6.30-10.00pm (Doors open at 5.30Pm)
Place: Manor Sports Hall, Oakington Manor School, Oakington Manor Drive, Wembley, Middlesex HA9 6NF
Ticket Price: £50.00,£25.00, Children-£5.00 (Kids under 10 FREE)
In aid of the New Building Fund of Birmingham Buddhist Maha Vihara http://www.bbmvihara.com/ & http://www.ibro.co.uk/
Charity No: 1020543
Sri Lankan food available to be purchased/ FREE Parking

Details of Birmingham show click here.