Boradiya Pokuna Movie in London

tmadawela | 01 Jan, 1970 12:00AM | Leave a comment

බොරදිය පොකුණ ලන්ඩනයේ

සත්‍යජිත් මාඉටිපේ අධ්‍යක්ෂණය කල "බොරදිය පොකුණ" චිත්‍රපටයමැයි මස 16 වන සෙනසුරාදා සවස 5 ට ලන්ඩන් නුවර "හැරෝ සෆාරි" සිනමා ශාලාවේදී තිරගත කිරීමට කටයුතු යොදා ඇත.

ලන්ඩනයේ වෙසෙන කලාකාමී තරුණන් පිරිසකගේ මුලිකත්වයෙන් පිහිටුවා ඇති " අගොරා සංස්කෘතික කවය"  මෙම චිත්‍රපට දර්ශනය සංවිධානය කර ඇත.

තමන්ගේ අරමුණ වන්නේ අත්හදාබැලීම්, පර්යේෂණ සහ අලුත් මානයන් විවර කිරීම බවත් එහි එක් ප්‍රධාන වැඩසටහනක් ජුලි මස 11 වෙනිදා මුළු දවස පුරාවටම පැවැත්වෙන බවත් ඔවුන් කියාඇත. එදින වැඩ සටහනට නාට්‍ය දර්ශන, පොත් ප්‍රදර්ශන, කෙටි චිත්‍රපට,සංස්කෘතික සංදර්ශන,චායාරුප ප්‍රදර්ශන, කළා විචාර, සාකච්චා සහ කුඩා දරුවන් සඳහා විශේෂිත වැඩ සටහන් ඉතා මිත්‍රශීලී කුලුපග වාතාවරණයක පැවැත්වීම සඳහා කටයුතු සුදානම් කර ඇත.

සංක්‍රමණික පරම්පරාවල පළමු පිරිස් නියෝජනය කර අය විදිහට පැනනගින ගැටළු, දෙමාපිය ඇසුර සහ අධ්‍යාපනය වැනි තීරණාත්මක කාලපරිච්ඡේදයක් එක සංස්කෘතියක් තුළත් ජීවිතේ අනෙක් කාලය ඊට හාත්පසින්ම වෙනස් සංස්කෘතියක් තුළත් ගතකිරීමට සිදුවීම තුලින් ශ්‍රී ලාංකික පවුල් මුහුණ පාන සංස්කෘතික  මත ගැටුම් පිළිබඳව සාකච්චා කොට එවන් ගැටළු සමනය කිරීමෙහිලා උපකාරීවන ක්‍රියාදාමයන් පිලිබඳ පුළුල්ව සාකච්චා කිරීමද අගොරා කණ්ඩායමේ අරමුණ වෙයි.

එංගලන්තයේ වෙසෙන ලාංකිකයින් ඉල්ලුම් සැපයුම් න්‍යායට හසුවීම නිසා ශ්‍රී ලාංකික පොත්පත් කියැවීමේ අවස්ථාව අහිමව ඇති තත්වය වටහාගෙන, ඉල්ලුම් සැපයුම් න්‍යායට අනුව නොහැසිරෙන, ලාභය උපරිම කිරීමේ වෙළද අරමුණක් රහිතව එංගලන්තයට ලාංකික පොත්පත් රැගෙන විත් බෙදා හැරීම සඳහාද ඔවුන් විසින් දැනට පුළුල් වැඩපිළිවෙලක් සුදානම්කර ක්‍රියාවට නංවා ඇත.