ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පුජාව

tmadawela | 04 Nov, 2014 12:11AM | Leave a comment
ප්‍රංශයේ පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පුජාව විහාරාධිපති පුජ්‍ය පරවාහැර චන්දරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදින ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වින.

ප්‍රංශයේ අධිකරණ සංඝ නායක පැරිස් නුවර ජේතවන විහාරස්ථානාධිපති පුජ්‍ය මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමි, විතාරන්දෙණියේ අස්වත්තාරාමාධිපති පුජ්‍ය මැදගම චන්දවිමල හිමි, සුවාරපොල ශ්‍රී විජයාරාමාධිපති කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමලත් ධර්මාචාර්ය පුජ්‍ය හේමාලෝක හිමි,බෙල්ලන්විල රජමහා විහාරවාසී වැල්ලවත්ත සාම විහාරාධිපති කොළඹ ආනන්ද ව්දුහලේ විශ්‍රාමලත් ආචාර්ය පුජ්‍ය අතපත්තුකන්දේ ආනන්ද හිමි, මාතර වෙහෙරහේන පුර්වාරාම රජමහා විහාරවාසී රත්මලාන කොතලාවල පුර සමාධි විහාරාධිපති පුජ්‍ය මාපලගම බුද්ධසිරි නාහිමි, ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානවාසී පුජ්‍ය මාපලගම ජිනානන්ද හිමි, පුජ්‍ය හපුගොඩ සුභෝධ හිමි, පුජ්‍ය කන්දෙවින්නේ රාහුල හිමි, කඳුරුපොකුන පිරිවෙන්වාසී පුජ්‍ය ගජනායකගම සෝමරතන හිමි, ඇටම්වෙල අනෝමදස්සී හිමි සහ බුරුම සහ බංග්ලාදේස හිමිවරුන් දෙනමක්ද මෙම පින්කමට සහභාගී වුහ.

ශ්‍රී ලාංකික, කාම්බෝජ, වියට්නාම, ලාඕස සහ බන්ග්ලාදෙස බෞද්ධ සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුන මෙම පින්කමේ තවත් විශේෂත්වයක් වුයේ පිණ්ඩපාත දානයයි.

කඨින පින්කමේ කටයුතු සාර්ථකව සංවිධානය කිරීම සඳහා සහායවූ අනුග්‍රාහකයින්, උදව් උපකාර කල සියලුම දායක කාරකාදීන්, සැදැහැවතුන් ,පින්කමට සහභාගීවූ පින්වතුන් සහ මහා සංඝ රත්නයට පුජ්‍ය පරවාහැර චන්දරතන නාහිමියන් පුන්‍යානුමොදනා කළහ.