"සුනාමිය නිමාවිය" ප්‍රංශයේදී එළිදකී

tmadawela | 25 Oct, 2016 07:13PM | Leave a comment
පැරිස් නුවර ජීවත්වන වාසනා දස්කොන් මහත්මිය සිය කුළුඳුල් නවකතාව වන " සුනාමිය නිමාවිය " පසුගියදා පැරිස් නුවරදී එළිදක්වනු ලැබිය. පැරිස් බෞද්ධ විහාරාධිපති ශාස්ත්‍රපති පුජ්‍ය කොන්ගස්දෙණියේ ආනන්ද හිමියන්, පැරිස් ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති පුජ්‍ය පරවාහැර චන්දානන්ද හිමියන්, ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති තිලක් රණවිරාජා ඇතුළු ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුන මෙම සරල උත්සවයේදී " සුනාමිය නිමාවිය" ග්‍රන්ථයේ මුල් පිටපත් දස්කොන් මහත්මිය විසින් මහා සංඝ රත්නය සහ ශ්‍රී ලංකා තානාපති තුමන් වෙත පිළිගන්වනු ලැබිය.

සාහිත්‍ය සම්මාන ලාභී කෝ. ආනන්ද හිමියන් විසින් එම නවකතාව පිළිබඳව කෙටි දේශනයක් පැවැත්විය. උත්සවයට සහභාගිවූ ස්වර්ණා කුලතුංග, ඇන්ජලි රත්නායක සහ උත්සවයේ වැඩකටයුතු ඉදිරිපත් කල දීපිකා පෙරේරා විසින් ද " සුනාමිය නිමාවිය" පිළිබඳව ඔවුන්ගේ අදහස් පළකළහ. කතුවරිය විසින් උත්සවය සඳහා වැඩම කල මහා සංඝරත්නයට, ශ්‍රී ලංකා තානාපති තුමන් ඇතුළු සැමට සිය කෘතඥ තාවය පලකල අතර රන්ජනී සිල්වා මහත්මිය වෙත ද එම කෘතියේ පිටපතක් පිළිගන්වනු ලැබිය.