අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් 21 ක් සඳහා ආධාර

tmadawela | 09 Mar, 2017 01:40PM | Leave a comment
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් 21 ක් සඳහා ලක්ෂ 25 ක මුදල් පරිත්‍යාග වලින් විදුලිබලය සපයාදීම, වැසිකිළි සකස්කරදීම, වතුර පෙරණ යන්ත්‍ර ලබා දීම, පුස්තකාල කාමර හා පාසැල් පොත් ලබා දීමක් පසුගියදා සිදු සිදු කෙරුණි.

ස්විට්සර්ලන්තයේ ජිනීවා ජාත්‍යන්තර් බෞද්ධ විහාරයේ ආචාර්ය තවලම ධම්මික නාහිමි මගපෙන්වීමෙන්,ස්විට්සර්ලන්තයේ කොරියන් බෞද්ධ විහාරයේ සුනිම් මුජින් භික්ෂුණියගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන කෑම්බල්පදනමේ ලක්ෂ 25 ක මුදල් පරිත්‍යාග වලින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉතාම දුෂ්කර හා අඩු පහසුකම් සහිත විදුහල් 21ක් සඳහා වැසිකිළි සකස්කරදීම, වතුර පෙරණ යන්ත්‍ර ලබා දීම හා සමහර පාසැල් සඳහා පුස්තකාල කාමර හා අවශ්‍ය පාසැල් පොත් පත් ලබා දීමක් පසුගියදා සිදු සිදු කෙරුණි.
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍යපාද හබරකඩ ඉන්ද්‍රරතන නාහිමියන්ගේ අනුශාසනාපරිදි හබරකඩ ශ්‍රී විජයානන්ද පිරිවෙණේ කෘත්‍යාධිකාරී පූජ්‍ය එප්පල සෝරත හිමියෝ මෙම ව්‍යාපෘතිය අධීක්ෂණය කළහ.

මෙම ව්‍යාපෘතිය යටතේ ඉහළ දිවුල්වැව, තාමරවැව,අඹගස්වැව, එල්විස්සගොඩ යන ප්‍රථමික විදුහල් සඳහා විදුලිබලය සපයා දීමද, කපුගොල්ලවැව, රන්පත්විල, මොරකැව හා දුණුමඩලාව යන ව්දුහල් සඳහා පුස්තකාල ගොඩැනැගිලි තනාදීම හා ප්‍රතිසංස්කර්ණය කිරීමද, ගලහිටියාව,නයාකාපුවැව මීගහදිගිලිය, ඇත්දත්කල්ල, දහනකවැව, යන ප්‍රාථමික විදුහල් සඳහා වතුර පෙරණ යන්ත්‍ර ලබාදීම, දුටුවැව,හෙට්ටියාව, බිල්ලෑව යන විදුහල් සඳහා වැසිකිළි ලබා දීම ද,කදුරුපිටිය, කිම්බුලැව, මොරවැව හා වහගහපුවැව යන විදුහල් සඳහා පාසැල් පොත් හා වසර කීපයක් සඳහා ළමා පුවත්පත්මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුල්‍යමය ආධාර ලබාදීම ද සිදු කරණ ලදී.