වෛද්ය සිසුන්ට හා පහවසර හපනුන්ට ප්රංශයෙන් ආධාර

tmadawela | 10 Dec, 2016 06:48PM | Leave a comment
ප්රංශයේ ප්රධාන අධිකරණ සංඝනායක පූජ්ය මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන් විසින් වාර්ෂිකව සිදු කරනු ලබන ශිෂ්යත්ව ප්රදානය 2016 දෙසැම්බර් මස 04 වන දින කොළඹ 01, ශ්රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේදී සිදු කෙරිණි.

දිවයිනේ විවිධ පළාත්වල අඩු ආදායම් ලාභී පවුල්වලින් වෛද්ය විද්යාලවලට ඇතුල්වීමට සුදුසුකම් ලබාගත් ශිෂ්ය ශිෂ්යාවන් 48 දෙනෙකු වෙත මෙවර ශිෂ්යත්ව පිරිනැමිණි. එදින තෝරාගත් ශිෂ්ය ශිෂ්යාවන් ද සමග වෛද්ය ශිෂ්යයින් 110 දෙනෙකුට 2017 වසරේ ශිෂ්යාධාර පිරිනැමේ. ඤාණිස්සර නාහිමිපාණන් විසින් 560 ට අධික වෛද්ය ශිෂ්ය පිරිසකට සිය අධ්යාපන කටයුතු සාර්ථක කරගැනීම පිණිස 1990 වසරේ සිට මේදක්වා මූල්යමය ආධාර සපයා ඇත.

වෛද්ය ශිෂ්යත්ව පිරිනැමීමේ වැඩසටහනට සමගාමීව 2016 වර්ෂයේ පැවැත්වූ පහ වසර ශිෂ්යත්ව විභාගයෙන් දිස්ත්රික් හා කලාප මට්ටමින් ඉහළම ලකුණු ලබාගත් දැඩි ආර්ථික අපහසුතා මධ්යයේ තම අධ්යාපන කටයුතු සිදු කරගෙන යන බව පුවත්පත්වලින් අනාවරණය කරන ලද සිසු සිසුවියන් හත්දෙනෙකුට (07) දෙනෙකුට ඔවුන්ගේ අධ්යාපන කටයුතු කවර දිනක හෝ අවසන් කරනතෙක් මාසිකව ශිෂ්යාධාර මුදලක් පිරිනැමීමට ඤාණිස්සර නාහිමියෝ කටයුතු කළහ. හෙළයේ මහා ගාන්ධර්ව ආචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ට උපහාර පිණිස මෙම ශිෂ්යත්ව අමරදේව අනුස්මරණ ශිෂ්යාධාර නමින් නම්කෙරිණි.

මෙහිදි ශිෂ්යත්වලාභි සිසුන් වන ආඳාගල ප්රාථමික විද්යාලයේ කණිෂ්ක නෙත්සර බණ්ඩාර, පළුකන්දාව ජනාධිපති විද්යාලයේ ඒ.එම් ශෂිනි අමා කරුණාරත්න, මා/ර මලිදුව කණිටු විදුහලේ එන්.බි හිරුණි ලක්ෂිකා, දිවුල්ගස් කොටුව ප්රාථමික විද්යාලයේ එච්.සඳමිණී සමරසිංහ, තෙලිජ්ජවිල මධ්ය විද්යාලයේ එම්. දිල්මී ප්රබුද්ධිකා, තෙලිජ්ජවිල මධ්ය විද්යාලයේ ඉ.ජි ආදිත්ය සස්මීත, මා/ර ඇල්ලේවෙල කනිටු විදුහලේ ජි. හිරුණි තක්ෂිලා යන සිසු සිසුවියන් හට මෙම ශිෂ්යත්ව ප්රධානය කෙරිණි.

මෙම අවස්ථාවට ප්රංශයේ ප්රධාන අධිකරණ සංඝනායක පුජ්ය මුරුංගාගස්යායේ ඤාණිස්සර ස්වාමින් වහන්සේ, බෞද්ධ හා පාලි විශ්වවිද්යාලයේ හිටපු කුලපති පූජ්ය මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර හිමි, බෞද්ධ හා පාලි විශ්වවිද්යාලයේ බෞද්ධ අධ්යයන පීඨාධිපති මහාචාර්ය වාව්වේ ධම්මරඛිත හිමි, හිටපු කථිකාචාර්ය වීරපාන ජිනරතන හිමි, ඤාණිස්සර නාහිමි පදනමේ ලේකම් කිරින්දේ පේමසිරි හිමියන් සහ කොළඹ විද්යෝදය පිරිවෙනේ ආචාර්ය මුලනේ ගුණානන්ද හිමියන් ඇතුලු මහා සංඝරත්නය, නීතිඥ සෙනෙවිරත්න වික්රමසිංහ, ධර්ම ශ්රී තිලකවර්ධන, ඩබ්.ඒ.එස්. ගුණතිලක, රේනු ශිරෝමාලා කරුණාමුනි යන මහත්ම මහත්මීන් ඇතුලු විහාරස්ථානයේ දායක පිරිස හා සිසුන්ගේ දෙමාපියෝ සහභාගි වූහ.