ප්රංශයේ ජාත්යන්තර බෞද්ධ මධ්යස්ථානයේ 27 වන සංවත්සරය සැමරේ

tmadawela | 10 Oct, 2016 08:45PM | Leave a comment
ප්රංශයේ ජාත්යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භකොට 27 වසරක් පිරිම නිමිති කොටගෙන විශේෂ අනුස්මරණ පින්කමක් පසුගියදා පවත්වනු ලැබිය. කළ ගුණ සැලකීම මුල් කොටගෙන මෙම පිංකම සංවිධානය කලේ සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති පුජ්‍ය පරවාහැර චන්දරතන නාහිමියන්ගේ මෙහෙයවීම හා අනුශාසනා මතය.

ප්රංශයේ ජාත්යන්තර බෞද්ධ මධ්යස්ථානයේ දායකත්වය දරන විවිධ රටවලින් පැමිණ පැරිස් නුවර පදිංචිව ඉන්නා බෞද්ධ සැදැහැවතුන්ගේ මෙන්ම ප්‍රංශ ජාතික බෞද්ධයින්ගේද සහභාගිත්වයෙන් සිදු කළ මෙම පුණ්යෝත්සවය විශේෂාංග රැසකින් සමන්විත විය. ප්රකට ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වන පුජ්‍ය වල්පොල ගෝතම හිමියන් ගේ ධර්ම දේශනා සම්බුද්ධ පූජා හා දම් දෙසුම් ද ධර්ම රසාස්වාදය ලබා දුන්නේය. විශේෂ මණ්ඩපයකදී පරිත්රාණ ධර්ම දේශනාව පැවැත්විණි.

සිව් මහලකින් සමන්විත මෙම පූජනීය බෞද්ධ මන්දිරයෙහි බිම් මහලේ ප්රධාන උත්සවය පැවතියේය. තෙවැනි මහලේ දම් දෙසුම සිදු කෙරිණි.

මෙයින් වසර කිහිපයකට ඉහත දී මෙම විහාර මන්දිරය පින්බර දෑතින් විවෘත කළ අපවත්වී වදාළ අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්කිත මහා නායක හිමියන්, බලංගොඩ ආනන්ද මෛත්රෙය නාහිමියන් ,මහාචාර්ය වල්පොල රාහුල හිමියන්, සිංහල ජාතිය හා සමස්ත බෞද්ධ ජනතාව පරාධිනත්වයෙන් ගලවා ගැනීම සදහා ජීවිතය කැපකළ ශ්රීමත් අනගාරික ධර්මපාල තුමන් සහ නාකියාදෙණිය ශ්රි සරණපාල පරිවේණාධිපති සියම් මහා නිකායේ ශ්රී රෝහණ පාර්ශවයේ අනුනායක කදුරැපොකුණේ ධම්මාවාස හිමියන්ද ශාසනාභීවුර්ධිය උදෙසා සිදුකරන ලද අනුපමේය සේවාවන් අගයකොට උන්වහන්සේලා අනුස්මරණය කිරීමද මෙහිදී සිදුකෙරුණි.

කදුරැපොකුණේ නාහිමියන්ගේ ශිෂ්ය හිමිනමක් වන පරවාහැර චන්දරතන නාහිමියෝ පින්කමෙහි අරමුණ පැහැදිලි කිරීමේ අනුශාසනාව පවත්වමින් තම ගුරැ දේවයන්ගේ අකලංක හා දැඩි ඇල්ම බැල්ම යටතේ හැදුණු වැඩුණු තමා උන්වහන්සේ විසින් ලබා දෙන ලද ශික්ෂණය අවවාද හා අධිෂ්ඨානයද නිසා මෙබඳු දෙස් විදෙස් ධර්ම දූත සුභ සාධන ක්රියා සඳහා පෙලඹුනු බව පැවසූහ.

ශ්‍රී ලංකාවේ මාර්ඝ ඵල ලාභී මහා තෙරනමක් ලෙස බොහෝදෙනා විශ්වාස කරනු ලබන බලංගොඩ ආනන්ද මෛත්රෙය මහ නාහිමියන් ප්රංශයට වැඩමවා ප්‍රංශ බසින් ධර්මදේශනා පැවැත්වීමට කටයුතු කිරීමත් ඒ මඟින් විවිධ ජාතික බෞද්ධ සැදැහැවතුන්හට බුදුදහමේ ගැඹුරු තැන් පිළිබඳව පුළුල් දැනුමක් ලබාදීමට හැකිවීමත් දුර්ලභ ගනයේ සිද්ධියක් බවද උන්වහන්සේ පැවසුහ.

වරෙක පැරිස් නුවර සෝබෝන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරු බුදුදහම ජාත්‍යන්තරයට ගෙනයාම සඳහා දැවැන්ත සේවාවක් සිදුකල මහාචාර්ය වල්පොල රාහුල හිමියන් පසුකලෙක පැරිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට වැඩමකර ධර්මදුත වැඩකටයුතු සඳහා නායකත්වය ලබාදුන් අන්දමද සිහිපත් කළ චන්දරතන හිමියෝ, උන්වහන්සේ පැරිස් බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩසිටි කාලය තුල දායක දායිකාවන්ගෙන් ලැබූන සියලුම පිරිකර ශ්‍රී ලංකාවේ වැඩසිටින සාමනේර හිමිවරුන්ගේ අධ්‍යාපනය දියුණු කිරීම සඳහාත් විහාරස්ථානයේ දියුණුව සඳහාත් පුජාකළ බවත් උන්වහනේසේ ආදර්ශමත් ගුණවත් නිර්ලෝභී හිමිනමක් බවත් පැවසුහ.


පැරිස් නුවර ධම්මචක්ක විහාරාධිපති ශාස්ත්රපති කෝ. ආනන්ද, පැරිසියේ ජේතවන විහාරාධිපති ප්රංශයේ ප්රධාන අධිකරණ සංඝනායක මුරැංගාගස්යායේ ඥානිස්සර, රත්මලානේ සමාධි ධර්මායතනාධිපති ස්වරභාණී මාපලගම බුද්ධසිරි, මානම්පිට අමිත, වල්පොල ගොතම, සහ අනුරැද්ධ යන ස්වාමින් වහන්සේලාත් විහාරවාසී මාපලගම ජිනානන්ද, කැන්දවින්නේ රාහුල සහ බණ්ඩාරවෙල සුගතසිරි ඇතුලු මහාසංඝරත්නය මෙම පුණ්යයෝත්සවයට සහභාගී වූහ.

පසුදින හීල් දාන සංඝගත දක්ෂිණාවෙන් පසුව පිංකම නිමාවට පත්විය .

ප්රංශයේ විවිධ ප්‍රදේශවල ජීවත්වන ශ්රී ලාංකික අබෞද්ධ සැදැහැවතුන් මෙන්ම ප්‍රංශ, වියට්නාම, ලාඕස, චීන සහ කාම්බෝජ ආදී රටවල බෞද්ධයන් ද මේ පිංකම් වලට සහභාගී වූහ. සියලු දෙනා වෙනුවෙන් භෝජන සංග්රහයද පැවැත්විණි.


සටහන : කාව්ය මහෝපාධ්යාය දමුණුපොල සිරි සුමනසිරි හිමි