ප්‍රංශ ජාතිකයෙකු සසුන් ගතවෙයි

tmadawela | 05 Sep, 2017 10:20PM | Leave a comment
පැරිස් නුවර ල බුර්ෂේ නඟරයේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී ප්‍රංශ ජාතික සැදැහැවතෙකු පැවිදි බිමට පත්වූයේය.

 

බොහෝ කලක සිට බුදුදහම පිලිබඳ මනා දැනුමක් ඇතිව සිටි ඒ මහතා සසුන් ගතවුයේ පැරිස් ජාත්‍යන්තර බෞද්ධ මද්යස්ථානාධිපති පුජ්‍ය පරවාහැර චන්දරතන නාහිමියන්ගේ ආචාර්යත්වයෙනි. මෙම පිංකම සඳහා විහාරස්ථානයේ දායකත්වය දරන ශ්‍රී ලාංකික, ප්‍රංශ සහ විවිධ ජාතික බෞද්ධ සදහවතුන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානවාසි පුජ්‍ය බොරැල්ලේ කෝවිද, පුජ්‍ය අලුත්ගම සුමේධ, පුජ්‍ය මාපලගම ජිනානන්ද සහ පුජ්‍ය කන්දවින්නේ රාහුල යන හිමිවරුන්ද සහභාගී වුහ.