ජිනීවා කඨිණ පින්කම මෙවරත් මහ ඉහළින්

tmadawela | 10 Dec, 2016 06:39PM | Leave a comment
ජිනීවා ජාත්‍ය්න්තර බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨිණ මහා පුණ්යොත්සවය පසු ගියදා විවිධ ජාතික බෞද්ධ සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අන්දමට සිදු කෙරුන බව විහාරාධිපති පුජ්‍ය ආචාර්ය තවලම ධම්මික හිමියෝ පැවසුහ.

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය රවිනාත් ආරියසිංහ, එමකාර්යාලයේ කුමාරරත්න ඇතුළු ශ්‍රීලාංකික ස්විස්.තායිලන්ත, වියෙට්නාම, කාම්බෝජ, ලාඕස සහ ප්‍රංශ ජාතිකයන් විශාල පිරිසක් මෙවර පිංකම සඳහා සහභාගිවී ඇත. කඨිණ පින්කමෙහි අනුග්‍රාහකත්වය දරනු ලැබුවේ ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ ආරම්භක දායක-දායිකා පිරිසක් වන බාසල් නගරයේ පදිංචි ශ්‍රී ලාංකික සැදැහැවතුන් පිරිසක් විසිනි.

පිංකම සඳහා සහභාගිවූ තායිලන්ත සඝයා වහන්සේ සහ සැදැහැවතුන් එක්ව කරන ලද කාරුණික ඉල්ලීමක් අනුව කඨිණ පින්කමට පෙරාතුව තායිලන්තයේ සියලුම ජනතාවගේ ඉමහත් ගෞරාවාදරයට පත්ව සිට පසුගියදා පරලෝ සැපත් භූමිබෝල් අදුල්‍යදේජ් රජතුමන් සිහිපත්කර පැන්වඩා එතුමන්හට පින්පැමිනවීමද සිදු කෙරුණි.