නවවසරට සෙත් පතා වොෂින්ටන් මහමෙව්නාවේ බෝධි වන්දනාවක්

tmadawela | 04 Jan, 2017 07:17PM | Leave a comment
උදා වූ 2017 නව වසරේ ලෝකවාසී සැමට සෙත්පතා ඇමෙරිකා එක්සත් ජනපදයේ අගනුවර වන වොෂින්ටන් හී පිහිටි මහමෙව්නාව භාවනා අසපුව සංවිධානය කරන්නට යෙදුණු "ආශිර්වාදාත්මක බෝධි වන්දනාව" ජනවාරි 01 වැනි දා සවස අසපු භූමියේ දී පැවැත්විණි.
ඉන්දියාවේ සප්ත නදීන්ගෙන් හා ඇමරිකා එක්සත් ජනපදයේ ගංගා සතකින් ලබාගත් පිරිසිදු පැන් වලින් බෝධීන් වහන්සේ අභිෂේක කිරීම, වැව් පොකුණු විසි දෙකකින් ලබා ගන්නා ලද පිරිසිදු පැන් බෝධීන් වහන්සේට පුජා කිරීම, සියලු බෝධීන් වහන්සේලා සිහිපත් කොට පහන් ආලෝක 108 ක් දැල්වීම, විශේෂ ඖෂධ පුජාව, පවිත්‍ර වූ පලතුරු වර්ග 21 කින් සිදු කළ විශේෂ ගිළන්පස පුජාව ඇතුළුව සවස 5.30 සිට රාත්‍රී 9.00 දක්වා සිදු කළ මෙම උතුම් වන්දනාවේ දී අටවිසි බෝධීන් වහන්සේලා, ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ, ආනන්ද බෝධීන් වහන්සේ, අෂ්ඨ ඵලරුහ හා දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේලා ත් අසපු භූමියේ වැඩ සිටින සිරි ගෞතම බෝධීන් වහන්සේ ත් මහත් සැදැහැයෙන් පුද දුන්හ.
එදින මහානුභාව සම්පන්න රතන සුත්‍රය තුන් වතාවක් ද ජලනන්දන පිරිත සත් වතාවක්ද සජ්ඣායනා ‍කෙරුණි.
ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන 300 ක පමණ සැදැහැවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත් වූ මෙම දුර්ලභ වන්දනාව මෙහෙයවනු ලැබුයේ බණ්ඩාරවෙල සීලවිවේක ස්වාමීන් වහන්සේ විසිනි